ඊශ්‍රායල් අගමැති බෙන්ජමින් නෙතන්යාහු අල්ලස් හා දූෂණ චෝදනා සම්බන්ධ දඬුවමට ලක්විය හැකි බව එරට නීතිපති පවසයි.
අල්ලස් ගැනීම හා තවත් දූෂණ සිද්ධීන් තුනක් සම්බන්ධයෙන් අගමැතිවරයාට එල්ල වී ඇති චෝදනා හමුවේ, එම අවසන් නඩු විභාගයේදී ඔහුට දඬුවම් නියම වනු ඇති බව විශ්වාස කෙරෙයි.
ධන කුවේරයන්ගෙන් අල්ලස් ලබාගැනීම සහ තමාට පක්ෂපාතී මාධ්‍ය භාවිතයක් සඳහා කටයුතු කිරීම යන චෝදනා ඔහුට එල්ල වී ඇත.
එළැඹෙන අප්‍රේල් මාසයේ පැවැත්වෙන මැතිවරණයට මුහුණදීමට සූදානමින් සිටින නෙතන්හායු මෙම චෝදනා සියල්ල තර්යේ ප්‍රතික්ෂේප කර සිටියි.
ඔහු පවසන්නේ මැතිවරණය ඉලක්ක කරමින් වාමාංශික භූත බලවේගවල ගොදුරක් බවට තමා පත්ව ඇති බවයි.