ඉවන්කා ට්‍රම්ප්ගේ පෞද්ගලික සහායිකාවට කොවිඩ් වැළඳිලා
ඇමෙරිකානු ජනපති දියණිය සහ ජනපති ජ්‍යෙෂ්ඨ උපදේශිකා ඉවාන්කා ට්‍රම්ප්ගේ පෞද්ගලික සහායිකාවක කොරෝනා වෛරසය සඳහා ධනාත්මක බව පරීක්ෂා කර ඇති බව වාර්තා වෙයි.
එක්සත් ජනපදයේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දියණිය වෙනුවෙන් පෞද්ගලික සහායිකාවක ලෙස කටයුතු කරන ඇය, සති කිහිපයකින් ඉවාන්ක ට්‍රම්ප් වටා නොසිටි බව කියැවෙයි.
ඒ අනුව ඇය මාස දෙකකට ආසන්න කාලයක් දුරස්ථව සේවයේ යෙදී ඇති අතර, දුරකථන හා අන්තර්ජාලය හරහා පමණක් සබඳතා පවත්වා ඇති බව කියැවෙයි.
කෙසේ වෙතත් ඉවන්කා ට්‍රම්ප් සහ ඇගේ සැමියා වන ජෙරාඩ් කුෂ්නර් යන දෙදෙනාම සිකුරාදා කොවිඩ්-19 සඳහා පරීක්ෂාවට ලක්කර ඇති අතර, එහිදී ඔවුන් සෘණාත්මක බව සනාථ කර ඇති බවද වාර්තා වෙයි.
මේ අතර ඩොනල්ඩ් ට්‍රම්ප් සිකුරාදා තහවුරු කළේ උප ජනාධිපති මයික් පෙන්ස්ගේ මාධ්‍ය ලේකම් කේටි මිලර්ද කොවිඩ්-19 සඳහා ධනාත්මක බව පරීක්ෂා කළ බවයි.
ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පෞද්ගලික සහායකයෙකුද පසුගිය බ්‍රහස්පතින්දා කොවිඩ්-19 සඳහා ධනාත්මක බව පරීක්ෂා කළේය.



popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

