2015 න්‍යෂ්ටික ගිවිසුම සමග ඉවත් කරනු ලැබූ ඉරාන සම්බාධක යළි පැනවීම සඳහා කටයුතු කරන බව ට්‍රම්ප් පරිපාලනය පවසයි.
ධවල මන්දිරය පවසා සිටියේ ටෙහෙරාන් පාලනයට එරෙහිව පැනවීමට යන දැඩිම සම්බාධක පැනවීම මෙය වන බවයි.
එය ඉරානයට මෙන්ම, ඉරානය සමග වෙළෙඳ ගනුදෙනු සිදුකරන අනෙකුත් රාජ්‍යයන්ටද බලපැවැත්වෙන බව ඇමෙරිකාව කියයි.
කෙසේ වෙතත්, රාජ්‍යයන් 8කට පමණ තාවකාලිකව ඉරාන ඛනිජ තෙල් ආනයනය සඳහා අවස්ථාව සලසන බවද ඇමෙරිකාව පවසා තිබේ.
ඉරානයේ ආධ්‍යාත්මික නායක අයතුල්ලා ඛමේනි පවසා සිටියේ මෙය ඇමෙරිකාවේ ප්රජාතන්ත්රවාදය සහ ඇමෙරිකානු ශ්‍රේෂ්ඨත්වය පිළිබඳ ප්‍රශ්න ඇති කරන අතිශය පිළිකුල් සහගත ක්‍රියාමාර්ගයක් බවයි.
ඇමෙරිකාව සහ ඉරානය අතර පවතින මෙම උණුසුම් අර්බුදයට වසර 40ක පමණ ඉතිහාසයක් පවතින අතර, එහිදී, ඉරානයට එරෙහිව හමුදාමය, ආර්ථිකමය මෙන්ම විවිධ පැතිකඩ ඔස්සේ ක්‍රියාමාර්ග ගැනීමට ඇමෙරිකාව කටයුතු කළ බව ඛමේනි වැඩිදුරටත් පවසයි.