බටහිර ඉරානයට බලපෑ රික්ටර් පරිමාණ 6ක භූකම්පනයෙන් පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 241 දෙනෙකු තුවා ලබා තිබේ.
එරට වේලාවෙන් අද (26දා) අලුයම 2.43ට පමණ ඇති වූ මෙම භූ කම්පනයේ අපිකේන්ද්‍රය කෙර්මන්ෂා පළාතේ, ජවාන්රඩ් නගරයට කිලෝමීටර් 26ක් නිරිතදිගින් වාර්තා වන බව ඇමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පවසා සිටියි.
මෙම ප්‍රදේශය ආශ්‍රිතවම පසුගිය නොවැම්බර් මාසයේ ඇති වූ භූ කම්පනයකින් පුද්ගලයන් 600ක් ජීවිතක්ෂයට පත්වූහ.
ඉරාන රූපවානිය පෙන්වා දුන්නේ ඉරාක දේශසීමාවේ පවතින ටසේහාබාද් නගරය මෙම භූ කම්පනයෙන් වඩාත් දරුණුතම හානිය ලබා ඇති බවයි.
එමෙන්ම, මෙම භූ කම්පනයේ කම්පන තරංග බැග්ඩෑඩ් නගරයට පවා දැනී තිබේ.