ඉරාන විදේශ අමාත්‍ය මොහොමඩ් ජවාඩ් සරීෆ් සිය ධුරයෙන් ඉල්ලා අස්වන බව සමාජ මාධ්‍ය ඔස්සේ නිවේදනයක් නිකුත් කරමින් පවසා තිබේ.
ඉරානය සහ ප්රමුඛ ලෝක බලවතුන් අතර 2015 න්‍යෂ්ටික ගිවිසුම ඇතිකර ගැනීම සඳහා ප්‍රධාන භූමිකාවක් රඟ දැක්වූ තැනැත්තා ලෙස ඔහු සැලකෙයි.
කෙසේ වෙතත්. මෙම ගිවිසුමෙහි ඇමෙරිකානු සබඳතා ඉවත් කරගැනීමට ට්‍රම්ප් කටයුතු කිරීමත් සමග ඒ සම්බන්ධයෙන් වූ අනාගතය අවිනිශ්චිතව පවතී.
ඉරානයේ රාජ්‍ය පුවත් ඒජන්සිය වන අයිආර්එන්ඒ පුවත් ඒජන්සිය විසින්ද විදෙස් අමාත්‍යවරයාගේ හදිසි ඉවත්වීම තහවුරු කර තිබෙ.
ඇමෙරිකාවේදී අධ්‍යාපනය ලබා ඇති 59 හැවිරිදි සරීෆ්, ජාත්‍යන්තර නීතිය පිළිබඳ වූ සිය ආචාර්ය උපාධිය ඩෙන්වර් විශ්වවිද්‍යාලයෙන් ලබාගෙන ඇත.