ඉම්රාන් කාන් පාකිස්තානයේ නව අගමැතිවරයා ලෙස දිවුරුම්දීමේ අවස්ථාවට තමන් සහභාගී නොවන බව ඉන්දීයාවේ ක්‍රිකට් පුරාවෘත්තයක් වූ සුනිල් ගවස්කාර් පවසයි.
පාකිස්තානයේ හිටපු ක්‍රිකට් නායකයෙකු වූ ඉම්රාන් ඛාන් පසුගියදා පැවති මහ මැතිවරණයෙන් ජයග්‍රහණය ලැබූවද, බහුතර බලයක් ලබාගැනීමට නොහැකි වීමෙන් සභාග රජයක් පිහිටුවීමට සාකච්ඡා පැවැත්වීම නිසා මේ ආකාරයෙන් ඔහුගේ දිවුරුම්දීම ප්‍රමාදයට පත්වූ අතර, එය ලබන 18 වැනිදා පැවැත්වීමට නියමිතව තිබේ.
ඉම්රාන් ඛාන් ඉන්දියාවේ තවත් ක්‍රිකට් තරු කිහිපයක් වන කපිල් දේව් සහ නව්ජෝට් සිං සිධූ වෙතද තම දිවුරුම්දීමේ අවස්ථාව සඳහා ආරාධනා කර ඇති අතර, ඔවුන් දෙදෙනා එම ආරාධනා පිළිගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය පවසයි.
කෙසේ වෙතත්, මේ සඳහා සහභාගී වීමට ඉන්දීය රජයේ නිල අවසරය ලැබෙන තුරු ඔවුන් පසුවන බවද දැනගන්නට ලැබේ.
වර්ෂ 1970 සහ 80 දශකයේදී තම කණ්ඩායම්වල නායකයන් ලෙස ඉම්රාන් සහ ගවස්කාර් මුහුණට මුහුණ ක්‍රීඩා කළහ.
ඉන්දියා ටුඩේ වෙත අදහස් දක්වමින් ගවස්කාර් පවසා තිබුණේ තමන් වෙත ඉම්රාන් ආරාධනයක් කළද, තමන් නිවේදන කටයුතු සඳහා වගකීමකට බැඳී සිටින බැවින් එම අවස්ථාවට සහභාගී වීමට නොහැකි වන බව ඔහුට පැවසූ බවයි. කෙසේ වෙතත්, ඔහු වෙත සිය උණුසුම් ආශිර්වාදය ලබාදුන් බවද ගවස්කාර් පවසා තිබේ.