ඉන්දුනීසියාවේදී කිඹුලන් 300කට ඉතා අමානුෂික මරණයක් අත්වෙලා
ඉන්දුනීසියාවේ බටහිර පැපුවා ප්රදේශයේ කිඹුල් ගොවිපොළක සිටි කිඹුලන් 300කට අමානුෂික ලෙස පහරදී, එම කිඹුලන් සියලු දෙනා මරා දැමීමට අසල්වැසි ගම්මානයේ පිරිසක් කටයුතු කර තිබේ.
මෙම ගම්මානයේ වැසියෙකු එම කිඹුලෙකු පහරදීම හේතුවෙන් ජීවිතක්ෂයට පත්වීමත් සමග උරණ වූ ගම්වාසීන් මෙම ම්ලේච්ඡ සමූල ඝාතනය සිදුකර ඇත.
මෙම සංරක්ෂිත සතුන් මරා දැමීම දඬුවම් ලැබිය හැකි වරදක් බවත් ඉන්දුනීසියානු නීතියට අනුව මෙයට සම්බන්ධ වූවන්ට සිර දඬුවම් පවා හිමිවිය හැකි බවත් බලධාරීහු පවසති.
පසුගිය සිකුරාදා දිනයේදී කිඹුල් පහරකෑමට ලක්වූ පුද්ගලයා ඒ ආසන්නයේ එළවළු කැඩීමට ගිය අවස්ථාවේදී මෙම අවාසනාවන්ත මරණයට ගොදුරුව ඇත.
සෙනසුරාදා මොහුගේ අවසන් කටයුතු සිදුකිරීමෙන් අනතුරුව එම ගම්මානයේ පිරිස් මන්නා, කඩු, විශාල මුගුරු ආදී අතට අසුවන සෑම දෙයක්ම රැගෙන විත් මුලින්ම මෙම කිඹුල් ගොවිපොළට කඩා වැදී එහි කාර්යාලයේ පිරිස් වෙත පහරදී ඇත. පසුව ඔවුන් මෙම සතුන්ට අමානුෂික ලෙස පහර දෙමින් එහි සිටි සියලු කිඹුලන් සමූල ඝාතනය කර ඇත.
මෙම කිඹුල් ගොවිපොළ බලපත්රයක් යටතේ පවත්වාගෙන යන ස්ථානයක් වන අතර, එහි කරදිය හා නිව් ගිනියා කිඹුලන් සංරක්ෂණය හා සතුන් අභිජනනය කිරීම සිදුකර ඇත.



popular news
-
රජින්ද Tuesday, 17 July 2018 11:51 AM
හුගක් අය නොදන්නවා උනාට ඉන්දුනීසියාව කියන්නේ ලෝකයේ වැඩිම මුස්ලිම් ගහනයක් වෙසෙන හා වැඩිම මිලේච්ජ ජන පිරිසක් ඉන්න රටක්. ඔවුන් එරට පරිසරය සහ එහි මුලින් පැවති බුදු දහමේ නටබුන් (අතලොස්සක් හැර) සියල්ලම වනසා දමා තිබෙන අතර පාම් තෙල් සදහා අති මහත් වන සංහාරයක් සිදු කර ඇත.
Reply : 0 1
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

