ඉන්දුනීසියාවේ භූකම්පන සහ ගිනිකඳු පිපිරීම් එකම දිනයක
ඉන්දුනීසියාවේ සෙනසුරාදා රාත්රයේ රික්ටර් පරිමාණ 6.0ක ප්‍රබල භූ කම්පනයක් ඇතිවී තිබෙන බව විදෙස් වාර්තා පවසයි.
භූමිකම්පාවේ අපිකේන්ද්‍රය කිලෝමීටර් 151ක් ගැඹුරින් ඇති වූ අතර, ඒ උතුරු හල්මහෙරා, මලුකු දූපත් සමූහයේ විශාලතම දූපත සහ ප්‍රධාන දූපත් පහෙන් පිටත මුහුදු ප්‍රදේශයේදීය. වාර්තාවලට අනුව, කම්පනයේ අපිකේන්ද්‍රයේ සිට කිලෝමීටර් 431ක් පමණ දුරින් පිලිපීනය දක්වා තත්පර 30ක කාලයක් සුළු කම්පනයක් දැනී ඇත.
කෙසේ වෙතත් මෙම භූ කම්පනයෙන් තුවාල, මරණ හෝ දේපළ හානි කිසිවක් වාර්තා වී නොමැත.
මේ අතර, ඉන්දුනීසියාවේ නැගෙනහිර ජාවා ප්‍රදේශයේ ගිනිකඳු පිපිරීමක් සෙනසුරාදා අලුයම සිදු විය. සෙමේරු ගිනි කන්ද පුපුරා යාමෙන් මිනිසුන් දහස් ගණනක් අවතැන් වූ අතර 41 දෙනෙකුට තුවාල සිදුවිය. එමෙන්ම එක් අයෙකු මිය ගියේය.
ගිනිකඳු විදාරණයෙන් පසුව නිවාසවල කොටුවී සිටි දස දෙනෙකු මුදාගෙන ඇති බව ආපදා අවම කිරීමේ නියෝජිතායතනයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේය. කෙසේ වෙතත් මෙම ගිනිකඳු පිපිරීම සහ භූමිකම්පාව සෘජුවම සම්බන්ධ බව තහවුරු කර නොමැත.


popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

