ඉන්දීය ගුවන් නියමුවා ඉන්දියානු පැත්තට වැටුණු බව මුලින් සිතලා
ඉන්දීය ගුවන් හමුදාවේ ප්රහාරක ජෙට් යානා නියමුවෙකු ලෙස පාකිස්තාන අත්අඩංගුවට පත්වූ අභිනන්දන් වර්තාමන් තමන් ඉන්දීය ප්රදේශයට වැටුණු බව මුලින්ම සිතා ඇති බව කියැවෙයි.
යානයට පාකිස්තාන ගුවන් හමුදාව ප්රහාර එල්ල කිරීමත් සමග පැරෂුටයක් ආධාරයෙන් ඉන් ඉවතට පැමිණි ඔහු බිමට පතිත වීමත් සමග ප්රදේශයේ ජනතාව ඔහු වෙත දිවගොස් තිබේ.
එහිදී, අසල සිටි අයගෙන් තමන් මේ සිටින්නේ කාශ්මීරයේ ඉන්දියානු පැත්තේද, පාකිස්තාන පැත්තේද යැයි ඇසූ විට එතැන සිටි තරුණයෙකු ඔබ ඉන්දියානු පැත්තේ යැයි කියා තිබේ.
ඒ අවස්ථාවේ චකිතයකින් තොරව තම පැරෂුටය අකුලා ගැනීමට ඔහු කටයුතු කරද්දී ඔහු වටා සිටි තරුණයන් පාකිස්තානය දිනේවා යැයි කෑමොර දෙද්දී භීතියට පත් ඔහු තම අත වූ පිස්තෝලයෙන් දිගිට හරහාට අහසට වෙඩි තබමින් දිවගොස් තිබේ.
පසුව තරුණයන් පිරිස ඔහු පසුපස දිවගොස් ඇති අතර, දිය කඩිත්තක් අසලදී ඔහු මෙම තරුණයන්ට කොටුවී තිබේ. එහිදී, ඔවුන් මෙම නියමුවාට පහර දී ඇති අතර, එම ස්ථානයේ සිටි ඇතැම් වැඩිහිටියන් ඔහු බේරාගැනීමට කටයුතු කර ඇති බවද කියැවෙයි.
එම අවසරයෙන් ඔහු තම අත වූ ගුවන් නියමු තොරතුරු රැගත් ලිපි කිහිපයක් තම මුඛයේ රුවාගෙන ඒවා විනාශ කිරීමට කටයුතු කළත්, තරුණයන් ඉන් කිහිපයක් ලබාගෙන පසුව පාකිස්තාන හමුදාවට ලබාදී ඇත.
පසුව පාකිස්තාන හමුදාව පැමිණීමෙන් පසු ගුවන් නියමුවා ඔවුන්ට භාරදී ඇති අතර, අනතුරුව ඔහුට යුද නීතිය අනුව මානුෂීය ලෙස සැලකීමට පාකිස්තානය කටයුතු කළ බව එම නියමුවා රැගත් වීඩියෝවකින් ඔහු විසින්ම අනාවරණය කළේය.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

