තීරුබදුවලින් තොරව ඇමෙරිකාව වෙත යැවීමට හැකිවූ ඉන්දීය භාණ්ඩ රැසකට අදාළ වරණීය වෙළෙඳ ගිවිසුමක් අවසන් කිරීමට ඇමෙරිකාව සැලසුම් කර තිබේ.
ඇමෙරිකානු වෙළෙඳ පොළ වෙත ඉන්දීය භාණ්ඩ රැසකට පහසුවෙන් ඇතුළු වීමේ අවස්ථාව සලසා දුන්නත්, ඉන්දියාව ඇමෙරිකාව ආරක්ෂා කිරීමට අපොහොසත් වී ඇති බවය.
කෙසේ වෙතත්, ඇමෙරිකාවේ මෙම ක්රියාමාර්ගය ඔවුන්ගේ ආර්ථිකයට ඉතා සුළු බලපෑමක් කරනු ඇති බව ඉන්දියාව කියයි.
එමෙන්ම, ඇමෙරිකාව විසින් තුර්කියේද මෙවැනි වර්ණීය වෙළෙඳ ගිවිසුමකින් ඉවත් වීමට කටයුතු කරන අතර, ඔවුන් ඒ සඳහා තවදුරටත් සුදුසුකම් නොලබන බව ඇමෙරිකාව කියා තිබේ.
අසාධාරණ වෙළෙඳ තත්ත්වයන්ගෙන් ඉවත්වීම සඳහා ඇමෙරිකාව ගනු ලැබූ නවතම ක්රියාමාර්ග අතරට මෙය අයත්ය.