ඉන්දියානු මහ මැතිවරණය එලැඹෙන අප්‍රේල් සහ මැයි මාසය අතරතුර අදියර 7කින් පැවැත්වෙන බව එරට මැතිවරණ කොමිසම නිවේදනය කර තිබේ.
ඒ අනුව, නව ලෝක් සභාවක් හෙවත් පාර්ලිමේන්තුවේ පහළ මන්ත්‍රී මණ්ඩලය පත්කර ගැනීම සඳහා කැඳවන මැතිවරණය අප්‍රේල් 11දා සිට මැයි 19දා දක්වා පැවැත්වෙනු ඇති අතර, ඡන්ද ගණන් කිරීම මැයි 23දා සිදුවනු ඇත.
මෙවර මැතිවරණය වෙනුවෙන් ඡන්ද දායකයන් මිලියන 900ක් ලියාපදිංචි වී ඇති අතර, මෙය ලොව පැවැත්වෙන විශාලතම ඡන්ද විමසීම වනු ඇති බව කියැවෙයි.
අගමැති නරේන්ද්‍ර මෝදි නියෝජනය කරන භාරතීය ජනතා පක්ෂය, ප්‍රධාන විපක්ෂය වන කොංග්‍රසය සහ සෙසු පක්ෂ සමග තරගයක් ලබාදීමට මෙවර සූදානමින් සිටියි.
පහළ මන්ත්‍රී මණ්ඩලය සඳහා මන්ත්‍රී ආසන 543ක් පවතින අතර, ඕනෑම පක්ෂයක් හෝ සන්ධානයකට රජයක් පිහිටුවීම සඳහා අවම වශයෙන් මන්ත්‍රී ධුර 272ක් අවශ්‍ය වෙයි.