ත්රස්තයන් ඉලක්ක කර ප්‍රහාර එල්ල කරන්නේ යැයි පවසමින් ඉන්දීය ගුවන් හමුදාව සිය දේශසීමා ඉක්මවා පැමිණීම සම්බන්ධයෙන් අවස්ථාව සහ වේලාව පැමිණි විට ප්‍රතිචාර දක්වන බව පාකිස්තානය පවසයි.
මෙම ගුවන් ප්‍රහාරයෙන් ඉස්ලාමීය ත්රස්තයන් විශාල පිරිසක් මරා දැමීමට හැකිවූ බව ඉන්දියාව කියා සිටියද, පාකිස්තානය පවසන්නේ එය පදනමක් නොමැති කතාවක් බවයි.
න්‍යෂ්ටික බලයෙන් සන්නද්ධ දකුණු ආසියානු කලාපයේ රාජ්‍යයන් ද්විත්වය අතර පැනනැගී ඇති අර්බුදය වඩාත් තීව්ර වූයේ පසුගිය පෙබරවාරි 14දා ඉන්දීය පාලනයේ ඇති කාෂ්මීරයේදී ඉන්දීය ආරක්ෂක අංශ සාමාජිකයන් 40ක් මරා දැමුණු මරාගෙන මැරෙන ප්‍රහාරයයි.
මෙම ප්‍රහාරය පාකිස්තානය කේන්ද්‍ර කරගත් ජයීෂ්-ඉ-මොහම්මද් නමැති ඉස්ලාමීය ජිහාඩ් ත්‍රස්ත කණ්ඩායම විසින් එල්ල කළ අතර, ඊට ප්‍රතිප්‍රහාරයක් එල්ල කරන බවට ඉන්දියාව එදා කියා සිටියේය.
එමෙන්ම, මෙම ත්රස්තයන්ට තම භූමිභාගය තුළ නිදැල්ලේ ක්‍රියාත්මක වීමට ඉඩ ලබාදෙන බවට ඉන්දියාව පාකිස්තානයට චෝදනා නගයි. නමුත්, ඉන්දියාවේ මෙම චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන පාකිස්තානය තමන් ත්රස්තවාදයට උදව් නොකරන බව පවසයි.
කෙසේ වෙතත්, ඉන්දීය ගුවන් ප්‍රහාරයෙන් පසුව ඉන්දීය වැසියන් පක්ෂ භේදයකින් තොරව ඊට සහාය දැක්වූ අතර, බොහෝ දෙනා වීදිවලට පැමිණ එය සමරනු දක්නට ලැබුණි.
මේ අතර, පාකිස්තාන ජාතිකයන් මෙම ගුවන් ප්‍රහාරයෙන් පසුව ප්රකෝපයට පත්ව ඉන්දීය ධජය මහමග පුළුස්සා දමන දසුන්ද විදෙස් මාධ්‍ය හරහා දැකගත හැකිවිය.