ඉන්දුනීසියාවේ අනවසර රන් පතලක් නායයෑමෙන් සිදුවූ අනතුරෙන් ඒ තුළ සිරවූ පිරිස බේරාගැනීමේ මෙහෙයුම් තවදුරටත් සිදුවන බව විදෙස් වාර්තා පවසයි.
එරට සුලවේසි දූපතේ, මොන්ගොන්ඩෝව් ප්රදේශයේ මෙම අනවසර පතල තැබී ඇති අතර, මුදාගැනීමේ මෙහෙයුම්වලදී මේ දක්වා පුද්ගලයන් 19 දෙනෙකු බේරාගෙන ඇති අතර, මළ සිරුරු 7ක් සොයාගෙන තිබේ.
නායයෑමකට ලක්ව ඇති ප්රදේශයේ පොළොව දැඩි අස්ථාවර තත්ත්වයක පවතින බැවින් මුදාගැනීමේ මෙහෙයුම් සිදුකිරීම අතිශය අසීරු වී ඇත්තේ විශාල යන්ත්ර යොදා පස් හෑරීම සිදුකළ නොහැකි බැවින් යැයි පැවසේ.
මේ නිසා සවල් යොදාගනිමින් දැඩි පරිශ්රමයක් දරා පස් ඉවත් කිරීමට සිදුව ඇති අතර, මුදාගැනීමේ මෙහෙයුම් අතරතුර සිදුවන අවදානම් පිළිබඳ අවධානය යොමුකිරීමටද ඔවුන්ට සිදුව තිබේ.
මේ ආකාරයෙන් අනවසර රන් පතල් පවත්වා ගැනීම ඉන්දුනීසියාවේ සුලභ දෙයක් වන අතර, මෙහිදී පතල් හැරීමේ යෙදෙන පිරිස්වල ආරක්ෂාව සම්බන්ධයෙන් සලකා බැලීම ඉතා පහළ මට්ටමක පවතී.