ඉන්දුනීසියාවේ ලොම්බොක් දූපතට බලපෑ ප්‍රබල භූ කම්පනයෙන් පුද්ගලයන් 82කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
ඉරිදා දිනයේ ඇති වූ මෙම භූ කම්පනයෙන් තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇති බවත්, මියගිය ගණන මීට වඩා වැඩිවිය හැකි බවත් බලධාරීහු පවසති.
රික්ටර් පරිමාණ 7.0ක භූ කම්පනය පොළොව අභ්‍යන්තරයේ කිලෝමීටර් 10ක් පමණ ගැඹුරින් අපිකේන්ද්‍රය පිහිටා ඇති අතර, ගොඩනැගිලි රැසක් කඩා වැටීමෙන් ජීවිත හානි සිදුව ඇති බව කියැවෙයි.
එමෙන්ම, ප්‍රදේශ රැසක විදුලිය විසන්ධි වී ඇති අතර, ආසන්න බාලි දූපතටද මෙම භූ කම්පනයේ ප්‍රබලත්වය තදින්ම දැනී තිබේ.
භූ කම්පනය ඇතිවීමත් සමග සුනාමි අනතුරු ඇඟවීමක් සිදුකර තිබුණත්, පැය කිහිපයකින් පසුව එය ඉවත්කර තිබුණි.
මීට සතියකට පමණ පෙර ලොම්බොක් දූපතට බලපෑ ප්‍රබල භූ කම්පනයෙන් පසුව මෙම අති ප්‍රබල භූ කම්පනය ඇති වී තිබේ. එම භූ කම්පනයෙන් ජීවිත 16ක් අහිමි විය.