ඉතාලියේ ලැම්පෙදුසා දූපතට ඔබ්බෙන් වූ ජාත්‍යන්තර මුහුදේදී සංක්‍රමණිකයන් 100 කට ආසන්න සංඛ්‍යාවක් රැගත් බෝට්ටුවක් පෙරළීමෙන් අවම වශයෙන් පුද්ගලයින් 26 දෙනෙකු මිය ගොස් 10කට වාඩ අතුරුදහන්ව ඇති බව ඉතාලි වෙරළාරක්ෂක සහ එක්සත් ජාතීන්ගේ සරණාගතයන් පිළිබඳ ආයතනය පැවසීය.
දිවි ගලවා ගත් හැට දෙනෙකු ලැම්පෙදුසා හි මධ්‍යස්ථානයකට ගෙන එන ලද බව ඉතාලියේ UNHCR ප්‍රකාශක ෆිලිප්පෝ උන්ගාරෝ පැවසීය. දිවි ගලවා ගත් අයගේ ප්‍රකාශවලට අදාළව බෝට්ටුව ලිබියාවෙන් පිටත් වන විට එහි සංක්‍රමණිකයන් 92 සිට 97 දක්වා පිරිසක් ගමන් කර තිබේ.
වෙරළාරක්ෂක නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ මරණ සංඛ්‍යාව 26 ක් වූ නමුත් තවමත් “තාවකාලික සහ යාවත්කාලීන වෙමින් පවතින” බවයි.
දිවි ගලවා ගත් පුද්ගලයන්ට අනුව සංක්‍රමණිකයන් 95 ක් පමණ බෝට්ටු දෙකකින් ලිබියාවෙන් පිටත් ව ඇති අතර එක් බෝට්ටුවකට ජලය කාන්දුවීම හේතුවෙන් සියලුම මගීන් අනෙක් බෝට්ටුවට ගොඩ ව තිබේ. ෆයිබර්ග්ලාස් වලින් සාදන ලද බෝට්ටුවට අධික බරක් අධික බර පැටවීම හේතුවෙන් එය පෙරළී ගොස් ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.
බදාදා දිනයේදී මෙම අනතුර සිදුව ඇති අතර සංක්‍රමණිකයන් කොපමණ දින ගණනක් මුහුදේ සිටියාද යන්න පිළිබඳව තොරතුරු වාර්තා නොවෙයි.
එක්සත් ජාතීන්ගේ සරණාගත ඒජන්සියට අනුව, මේ වසරේ මේ දක්වා මධ්‍යම මධ්‍යධරණී මුහුද හරහා අනතුරුදායක ලෙස ගමන් කරමින් සිටියදී සංක්‍රමණිකයන් 675 දෙනෙකු මිය ගොස් තිබේ.
