(UPDATE) ඉතාලියේ ජෙනෝවා නගරයේ සිදුවූ ගුවන් පාලම් අනතුරින් පුද්ගලයන් 22ක් ජීවිතක්ෂයට පත්ව ඇති බව මේ වනවිට අනාවරණය වෙයි.
එම අවස්ථාවේදී ගුවන් පාලම මතින් ගමන් කරමින් තිබූ මෝටර් රථ සමග දැවැන්ත කොන්ක්‍රීට් තට්ටුවක් මීටර් 100ක් පමණ පහළට කඩා වැටී ඇති බව එරට ප්‍රවාහන අමාත්‍යවරයා පවසයි.
උතුරුදිග ඉතාලියට අයත් ජෙනෝවා නගරයේ ගුවන් ප්‍රධාන ගුවන් මාර්ගයක කොටසක් කඩා වැටී ඇති බව විදෙස් වාර්තා පවසයි.
මෙසේ කඩා වැටී ඇත්තේ A10 මහා මාර්ගයට අයත් ගුවන් මාර්ගයක කොටසකි. මෙම කඩා වැටුණු කොටස මීටර් 100ක් පමණ උසින් පිහිටි කොටසක් බවත්, එම අවස්ථාවේදී මෝටර් රථ කිහිපයක් ඒ මතින් ගමන් කරමින් පැවති බවට නිල නොලත් වාර්තා පවසන බවද ඉතාලි මාධ්‍ය පවසයි.
සමාජජාල ඔස්සේ ලැබෙන ඡායාරූපවලට අනුව මෙම ගුවන් මාර්ගය පහළ විශාල කොන්ක්‍රීට් තට්ටුවක් පතිත වී ඇති ආකාරය දැකිය හැකිය.
හදිසි සහන කණ්ඩායම් ඒ වෙත යොමුකර තිබුණත් මේ වනතුරු ඉන් සිදුවූ හානි පිළිබඳව වාර්තා නොවෙයි.
වර්ෂ 1960දී ඉදිකර තිබූ මෙම ගුවන් පාලමේ කඩා වැටුණු කොටස මීටර් කිහිපයක් දිගින් යුතුය.