ඉතියෝපියානු ගුවන් සේවයට අයත් බෝයිං 737 වර්ගයේ යානයක් අඩීස් අබ්බාස් නුවර සිට කෙන්යාවේ නයිරෝබි දක්වා ගමන් කරමින් තිබියදී කඩා වැටී තිබේ.
මෙම යානයේ මගීන් 149 දෙනෙකු සහ කාර්ය මණ්ඩලයේ 8 දෙනෙකු සිට ඇති බව එම ගුවන් සේවය පවසයි.
ඉතියෝපියානු වේලාවෙන් අද (10දා) උදෑසන 8.44 ට පමණ මෙම යානය එරට අගනුවරින් ගුවන්ගත වී සුළු මොහොතකට පසුව කඩා වැටී තිබේ.
මෙම අනතුර සම්බන්ධයෙන් ප්රථම දැනුම්දීම සිදුකෙරුණේ එරට අගමැති අබී අහ්මඩ් සිය බලවත් කනගාටුව ප්රකාශ කිරීමේ ට්විටර් පණිවුඩයක් නිකුත් කිරීමත් සමගිනි.
737 Max-8 වර්ගයේ බෝයිං යානා ගුවනට අලුත් යානා ලෙස සැලකෙන අතර, මේවා වර්ෂ 2016 දී හඳුන්වාදෙනු ලැබීය. එය ඉතියෝපියානු ගුවන් සේවයට එක්ව තිබුණේ පසුගිය වසරේදී බව කියැවෙයි.