ඇෆ්ගනිස්තානයේ කාබුල් නුවර අධ්‍යාපන මධ්‍යස්ථානයක් තුළ සිදුවූ මරාගෙන මැරෙන ප්‍රහාරයකින් පුද්ගලයන් 48 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව, තවත් 67 දෙනෙකු තුවාල ලබා තිබේ.
පොලීසිය පවසා තිබුණේ එම අධ්‍යාපන ආයතනයේ ඉගෙනුම් කටයුතු සිදුවන අවස්ථාවේදී මරාගෙන මැරෙන බෝම්බකරු ඒ තුළට පිවිස බෝම්බය පුපුරුවාගෙන ඇති බවයි.
මියගිය බොහෝ පිරිසක් නව යොවුන් වියේ පසුවූවන් වන අතර, ඔවුන් විශ්විද්‍යාල ප්‍රවේශ විභාගය සඳහා අමතර පන්තියකට සහභාගී වී සිටියදී මෙම ම්ලේච්ඡ ප්‍රහාරය එල්ල වී තිබේ.
මෙම ප්‍රහාරයට තමන්ගේ සම්බන්ධයක් නොමැති බව තලේබාන් සංවිධානය පවසයි.