උතුරුදිග ඇෆ්ගනිස්ථානයේදී තලේබාන් සටන්කාමීන් විසින් සැඟව සිට එල්ල කරන ලද ප්‍රහාරයකින් පසුව සාමාන්‍ය වැසියන් 150ක් පමණ පැහැගෙන ගොස් ඇති බව විදෙස් වාර්තා පවසයි.
මේ අතර, තලේබාන් සංවිධානය පවසන්නේ මෙම බස් රථවල ගමන්ගත් ආරක්ෂක අංශ සාමාජිකයන් තමන් ඉලක්ක කළ බවයි.
කෙසේ වෙතත්, ඒ සමග අත්අඩංගුවට ගැනුණු සාමාන්‍ය වැසියන් නිදහස් කිරීමට කටයුතු කරන බවද ඔවුන් පවසා තිබේ.
කෙසේ වෙතත්, මෙහි ගමන්ගත් වැඩි දෙනා සාමාන්‍ය වැසියන් බව සඳහන් වෙයි. ඇෆ්ගන් ජනපති අෂ්රෆ් ඝානි විසින් කොන්දේසි සහිත මාස තුනක සටන් විරාමයක් තලේබාන් සටන්කාමීන් වෙත ඉදිරිපත් කර දිනකට පසුව මෙම පැහැරගැනීම සිදුවිය.
එහිදී, තලේබාන් නායකයා විසින් මෙම සටන් විරාමය ප්‍රතික්ෂේප කර තිබුණු අතර, ෂෙයික් හයිබතුල්ලාහ් අක්හුන්සාදා පවසා තිබුණේ වත්මන් තලේබාන් රජයට එරෙහි සටන දිගින් දිගටම සිදුකරන බවයි.