ඇමෙරිකාවේ වීසා ඉල්ලන රුසියානුවන් හෝම්ලස් වෙයි
එක්සත් ජනපද වීසා ඉල්ලුම් කරන රුසියානුවන් "හෝම්ලස්" හෙවත් නිවාස නොමැති ජාතිකයන් ලෙස ඇතුළත් කිරීමට එක්සත් ජනපදය ගත් තීරණය රුසියාව හෙළා දැක තිබේ.
එක්සත් ජනපදයේ කොන්සියුලර් නියෝජනයක් නොමැති හෝ දේශපාලන හෝ ආරක්ෂක තත්ත්වය හේතුවෙන් කොන්සියුලර් කාර්ය මණ්ඩලයට වීසා නිකුත් කළ නොහැකි රටවල එක්සත් ජනපද වීසා නිකුත් කිරීමේදී "හෝම්ලස්" හෙවත් නිවාස නොමැති ජනතාව ලෙස එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව ඔවුන්ව ලැයිස්තුගත කරයි.
කියුබාව, එරිත්‍රියාව, ඉරානය, ලිබියාව, සෝමාලියාව, දකුණු සුඩානය, සිරියාව, වෙනිසියුලාව සහ යේමනයට පසුව රුසියාව එම ලැයිස්තුවේ 10 වැනි රට බවට පත්ව තිබේ.
"ඇමෙරිකානු රාජ්‍ය තාන්ත්‍රිකයින් වසර ගණනාවක් පුරා රුසියාවේ කොන්සියුලර් සේවා පද්ධතිය විනාශ කර තිබෙනවා." රුසියානු විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශිකා මාරියා සකාරෝවා පැවසීය. "ඔවුන් 21 වන සියවසේ සාමාන්‍ය තාක්ෂණික ක්‍රියා පටිපාටිය, අවුල් වියවුල් කර තිබෙනවා."
දැනටමත් පශ්චාත් සීතල යුද්ධයේ පහත් මට්ටමේ පවතින සබඳතා සමග, රුසියාව සහ එක්සත් ජනපදය එකිනෙකාගේ අගනගරවලට පත් කළ හැකි රාජ්‍ය තාන්ත්‍රිකයින් සංඛ්‍යාව පිළිබඳ ආරවුලක පැටලී සිටියි.
රුසියාවද මීට ප්‍රතිචාර ලෙස එක්සත් ජනපදය "හිතකාමී" නොවන රටවල් ලැයිස්තුවට ඇතුළත් කර ඇත.


popular news
-
Kumar Monday, 25 October 2021 04:13 PM
mayrata "homeless" kiyanne nagarawala samahara thanwala koodaram sadagena inn ayata. Californiaway e wage aya rajaye wiyadamin kuda hotalwala rudawanawa. samahara himeless aya ekata kamaththak naha. pita ratiyanata kiyanne refugees kiyala.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

