ඇමෙරිකාවේ පුහුණුවට පැමිණි ඇෆ්ගන් සෙබලු 2ක් අතුරුදන්
ඇමෙරිකාවේ හමුදා පුහුණුවට පැමිණි ඇෆ්ගනිස්ථාන සොල්දාදුවන් දෙදෙනෙකු ඔවුන්ගේ පුහුණුව නිමවී යළි සිය රට බලා පැමිණෙන අවස්ථාවේදී ඉන් සෙබලුන් දෙදෙනෙකු යළි ගුවන් යානයට ගොඩවී නොතිබුණු බව අනාවරණය වෙයි.
මැසචුසෙට්ස් ප්‍රාන්තයේ හමුදා පුහුණු කඳවුරක පුහුණුව ලබමින් සිටි මෙම සොල්දාදුවන් දෙදෙනා සමග තවත් රාජ්‍යයන් 5ක සෙබලුන් 200ක් පමණ එහිදී පුහුණුව ලබා ඇති බව කියැවෙයි.
බොස්ටන් හි ලොගාන් ගුවන් තොටුපළින් ඔවුන් රැගත් යානය පිටත්ව යෑමට නියමිතව තිබියදී මෙම සෙබලුන් දෙදෙනා අතුරුදන්ව ඇති බව සඳහන් වෙයි.
මීට පෙර 2014 පැවති හමුදා පුහුණු සැසියකදීද ඇෆ්ගනිස්ථාන සෙබලු තිදෙනෙකු මේ ආකාරයෙන්ම අතුරුදන්ව තිබුණි.
කෙසේ වෙතත්, ඔවුන් ඊට සති කිහිපයකට පසුව ඇමෙරිකාව හා කැනඩාව යා කරන නයිගර් දිය ඇල්ල ආශ්රිත දේශසීමාව පැනීමට යාමේදී අත්අඩංගුවට පත්ව තිබුණි.
පසුගියදා අතුරුදන් වූ සෙබලුන් දෙදෙනාද ගුවන් තොටුපළ වෙතත් පැමිණ තිබුණත්, නම් සඳහන් නොකළ සෙබලුන් දෙදෙනා අතුරුදන්ව ඇති අතර, මෙම සිදුවීම පෙන්ටගනයද තහවුරු කර ඇත.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

