ඇමෙරිකාවේ ඩීසල් මිල වාර්තා ගත ලෙස ඉහළට
ඉරානය සම්බන්ධයෙන් පවතින ගැටුම්කාරී තත්ත්වය ඇමරිකානුවන්ගේ ආර්ථිකයට දිගින් දිගටම බලපෑම් එල්ල කරන අතරතුර, එරට ඇමෙරිකාවේ ඩීසල් මිල ඉහළම අගයට පැමිණ ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. ඇමෙරිකාව හා ඉරානය අතර පවතින ගැටුම්කාරී තත්ත්වය මත මෙසේ ඩීසල් මල ඉහළ ගොස් තිබේ
ඇමරිකානු මෝටර් රථ සංගමයට (AAA) අනුව, එක්සත් ජනපදය තුළ ඩීසල් ගැලුමක සාමාන්‍ය මිල ඩොලර් 5.85 දක්වා ඉහළ ගොස් ඇත.
මීට වසරකට පෙර එම මිල ඩොලර් 3.71ක් වූ අතර, රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය කිරීමෙන් පසු වාර්තා වූ පෙර ඉහළම මිල මට්ටමද නව මිල මගින් ඉක්මවා ගොස් තිබේ.
තොග තෙල් මිලෙහි සිදුවූ ඉහළ යාමට සමගාමීව, පෙබරවාරි මස අවසානයේදී ඉරානය සම්බන්ධ ගැටුම ආරම්භ වූ දා සිට ඉන්ධන මිල ගණන්ද විශාල ලෙස ඉහළ ගොස් ඇත.
මෙයට ප්‍රතිචාරයක් ලෙස, ජනවාරි මාසයේදී තමන් විසින් ආක්‍රමණය කරන ලද වෙනිසියුලාව සමඟ ඇති කරගන්නා තෙල් ගිවිසුමක් මගින් "සියලුම ඇමරිකානුවන් සඳහා ඉන්ධන මිල සැලකිය යුතු ලෙස අඩු කරන බවට එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්
මෑතකදී පොරොන්දු විය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

