ඇමෙරිකාවේ කොවිඩ් මරණ 100,000 සීමාවට ළඟා වෙමින්
ඇමෙරිකා එක්සත් ජනපදයේ සමස්ත කොවිඩ්-19 මරණ සංඛ්‍යාව 100,000 සීමාව කරා ළඟා වෙමින් ඇති බව වාර්තා වෙයි.
එහිදී ලොව පුරා පිළිගත් මාධ්‍ය ආයතන විසින් කොවිඩ්-19 වෛරසය සම්බන්ධයෙන් නිල දත්ත ලබාගැනීම සිදුකරන, ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලය ප්‍රකාශයට පත්කරන කොවිඩ්-19 දත්ත වාර්තා අනුව අද (27දා) අලුයම වනවිට ඇමෙරිකා එක්සත් ජනපදයේ සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 98,902ක් ලෙස සටහන් විය.
එමෙන්ම එරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාවද ලක්ෂ 17ක සීමාව කරා වේගයෙන් පැමිණෙමින් තිබූ අතර, ජෝන්ස් හොප්කින්ස් දත්ත අනුව එම අගය අද අලුයම දැක්වුණේ 1,680,625ක් ලෙසිනි.
ඇමෙරිකාවේ නව කොරෝනා මරණවලින් වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වී තිබුණේ නිව්යෝක් ප්‍රාන්තය ආශ්‍රිතවය. එම අගය 29,302කි. එමෙන්ම නිව් ජර්සි ප්‍රාන්තයෙන් මරණ 11,194ක් වාර්තා විය.
මේ අතර ඇමෙරිකාවේ වෛරසය ආසාදිතයන්ගෙන් 384,902 දෙනෙකු සම්පූර්ණ සුවය ලබා ඇති බවද ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාල දත්ත පෙන්වා දෙයි.


popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

