ඇමෙරිකානු සත්වෝද්‍යානයක ව්යාඝ්රයෙකුටත් කොරෝනා
කොවිඩ්-19 වෛරසයෙන් වැඩිම බලපෑමකට ලක්ව ඇති ඇමෙරිකාවේ නිව්යෝක් හි බ්‍රොන්ක්ස් සත්වෝද්‍යානයේ ව්‍යාඝ්‍රයෙකු වන නාඩියා, නව කොරෝනා වෛරසයට ධනාත්මක බව පරීක්ෂා කර තහවුරු කර තිබේ.
4 හැවිරිදි මලයානු ව්‍යාඝ්‍රයෙකු වන මෙම සත්වයා වියළි කැස්සක් ඇතිවීමෙන් පසුව, සත්වෝද්‍යාන බලධාරීන් සිදුකළ කොරෝනා පරීක්ෂණයකදී වෛරසයට ධනාත්මක තහවුරු වී තිබේ.
කෙසේ වෙතත් වනජීවී සංරක්ෂණ සංගමයේ බ්‍රොන්ක්ස් සත්වෝද්‍යානය නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියේ මෙම ව්‍යාඝ්‍රයා සුවය ලබනු ඇති බවයි.
එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට අනුව, නාඩියා ව්‍යාඝ්‍රයා සහ සත්වෝද්‍යානයේ තවත් ව්‍යාඝ්‍රයන් සහ සිංහයන් පස් දෙනෙකු ශ්වසන රෝග ලක්ෂණ පෙන්නුම් කිරීමෙන් පසු නාඩියාගේ සෙම පටල සාම්පල ලබාගෙන පරීක්ෂා කළ බවයි. කෙසේ වෙතත් සත්වෝද්‍යානයේ වෙනත් සතුන් කිසිවෙක් මෙම රෝග ලක්ෂණ නොපෙන්ව බවද ඔවුන් වැඩිදුරටත් පවසයි.
"ආහාර රුචියෙහි යම් අඩුවක් පෙන්නුවත්, බ්‍රොන්ක්ස් සත්වෝද්‍යානයේ විශාල බළලුන් සාමාන්‍ය පශු වෛද්‍ය සත්කාර මධ්‍යයේ වෙනදා පෙන්වන දීප්තිමත් හා අවදිමත් බවක් පෙන්නුම් කළා. ඒ වගේම සත්වෝද්‍යාන සේවකයන් සමග අන්තර් ක්‍රියාකාරී වුණා."
"විවිධ සතුන් නව ආසාදනවලට වෙනස් ආකාරයකින් ප්‍රතික්‍රියා කළත්, මේ විශාල බළලුන් තුළ මේ රෝගය වර්ධනය වන්නේ කෙසේදැයි අපට තවමත් ප්‍රහෙලිකාවක්. නමුත් අපි මේ පිළිබඳ සමීපව නිරීක්ෂණය කර සම්පූර්ණ සුවය අපේක්ෂා කරනවා." යැයි සත්වෝද්‍යානය පවසයි.

popular news
-
Champa Monday, 06 April 2020 09:18 AM
අනේ පව් අහිංසක සතා. කොරෝන මිනිසුන් විතරක් නෙමෙයි සතුන්වත් එක හා සමානව බිලි ගන්න තරම් දරුණු වෛරසයක් වුනා.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

