ඇමෙරිකානු යානයක් හදිසියේ ගොඩබෑමේදී පාසලකට හානි
ගුවන් යානයක් ලොස් ඇන්ජලීස් ජාත්‍යන්තර ගුවන්තොටුපළට හදිසි ගොඩබෑමක් සිදු කිරීම නිසා මගී ගුවන් යානයක් පාසල් ක්‍රීඩා පිටියකට ඉන්ධන බැහැර කිරීමක් සිදුකර තිබේ.
කෙසේ වෙතත් මෙම සිදුවීම නිසා සමේ ඇතිවන ආසාදන සහ හුස්ම ගැනීමේ අපහසුතා සඳහා අවම වශයෙන් ළමයින් 17 දෙනෙකු සහ වැඩිහිටියන් කිහිප දෙනෙකු ප්‍රතිකාර ලබාගැනීමට රෝහල්ගත කර තිබේ.
මෙසේ ගුවන් යානයක් හදිසි ගොඩබෑමේදී යානයේ ආරක්ෂාව සඳහා ඉන්ධන බැහැර කළ හැකි නමුත් නම් කරනලද ප්‍රදේශවලට සහ ඉහළ උන්නතාංශයකට පමණක් ගුවන් නීතිරීති මගින් එම අවස්ථාව ලබාදී ඇත.
ඩෙල්ටා ගුවන්සේවයට අයත් මෙම යානය නැවත ගුවන් තොටුපළ කරා පැමිණ ඇත්තේ එන්ජිමේ ඇති වූ දෝෂයක් හේතුවෙනි.
ගුවන් තොටුපපොළට සැතපුම් 16 ක් (කි.මී. 26) නැගෙනහිරින් පිහිටි පාර්ක් ප්‍රාථමික පාසලේ ක්‍රීඩා පිටියට මෙසේ ඉන්ධන බැහැර කිරීම සිදුව ඇත.
ලොස් ඇන්ජලීස් ටයිම්ස් පුවත්පතට අනුව, ඉන්ධන මුදා හරින අවස්ථාවේ පන්ති දෙකක් දරුවන් ගුවන් තොටුපොළින් පිටත රැඳී සිට ඇත.
එම ප්‍රදේශයේ නගරාධිපති එලිසබෙත් ඇල්කන්ටාර් පුවත්පතට පවසා තිබුණේ, "මම ගොඩක් කලබල වෙලා. මේක ප්‍රාථමික පාසලක්, මේ අය කුඩා දරුවන්." යනුවෙනි.


popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

