ඇමෙරිකානු ජනාධිපතිවරණය ජෝ බයිඩන් ජයග්‍රහණය කරයි
ඇමෙරිකා එක්සත් ජනපදයේ අතිශය උණුසුම් වූ ජනාධිපතිවරණ ඡන්ද විමසීමේ ජයග්‍රාහකයා බවට අවසානයේදී ඩිමොක්රැටික් පක්ෂ අපේක්ෂක ජෝ බයිඩන් පත්ව තිබේ.
පෙන්සිලිවේනියා ප්‍රාන්තයත් බයිඩන් වෙත නතුවීමත් සමග සමූහ ඡන්ද 270ක් ඉක්මවා යමින් බයිඩන් ඇමෙරිකා එක්සත් ජනපදයේ 46 වැනි ජනාධිපතිවරයා වශයෙන් තේරීපත් වනු ඇත.
තත්ත්වය මෙසේ වුවද මේ වනවිටත් ඇමෙරිකානු ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීම සඳහා වන ඡන්ද ගණන් කර අවසන් නොමැති බව විදෙස් මාධ්‍ය අනාවරණය කරයි.
නමුත් තවමත් ඩොනලඩ් ට්‍රම්ප් ඡන්ද සමූහ 214ක් පමණක් හිමිකරගෙන සිටින අතර, ඔහුට කිසිම අයුරකින් ඡන්ද සමූහ 270 ඉලක්කය පසුකිරීමට හැකි වාතාවරණයක් නොමැති බව විදෙස් වාර්තා පවසයි.

popular news
-
Kumar Sunday, 08 November 2020 08:30 AM
Joe, speaking at the victory celebration told Trump not to feel bad about losing the election because he himself had lost elections many times. Trump don't want to be seen as a loser. According to a lawyer, he felt that Trump must be working on documents to pardon himself and others in his administration.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

