ඇමරිකානු මරණ හා ආසාදන දකින අගයට වඩා ඉතා වැඩිලු
ඇමෙරිකා එක්සත් ජනපදයේ මිලියන 40ක පමණ ජනතාවට කෝවිඩ්-19 ආසාදනය වී, මරණ 250,000ක් පමණ වෛරසය ආශ්‍රිතව සිදුව ඇති බව එරට රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථානයේ හිටපු අධ්යක්ෂ වෛද්‍ය ටොම් ෆ්රීඩන් පවසයි.
දැනට පවතින නිල දත්තවලට අනුව එරට සමස්ත ආසාදිත අගය මිලියන 7.7ක් සහ මරණ 214,000කට වැඩි අගයක් පෙන්නුම් කෙරුණද සැබෑ තත්ත්වය මීට වඩා බොහෙවින් වැඩි බව හෙතෙම සඳහන් කරයි.
"එක්සත් ජනපදයේ මිලියන 40කට අධික ජනතාවකට මේ වෛරසය ආසාදනය වී ඇති බව විශ්වාස කළ හැකියි. රට තුළ මරණ සංඛ්‍යාව මේ වනවිට 200,000ක් ඉක්මවා ඉහළ ගොස් ඇත්තේ ඒ නිසයි. මෙය ඛේදවාචකයක්. මොවුන් අතර සෞඛ්‍ය සේවකයන්, මවුවරුන්, පියවරුන්, සහෝදර සහෝදරියන් සෑම දිනකම අපෙන් වෙන්ව යනවා." රට පුරා දැනට පවතින රෝගීන්ගේ වැඩිවීමත් සමග මාසය අවසන් වන විට තවත් 20,000ක් පමණ වෛරසයෙන් මිය යා හැකි බව ෆ්රීඩන් අනාවැකි පළ කළේය.
"කොවිඩ්-19 වෛරසය වැඩිහිටියන්ට බොහෝ සෙයින් බලපානවා. තරුණ අයට වඩා බොහෝ සෙයින් ඔවුන්ට වැඩියි. බොහෝ වැඩිහිටියන්ට වෙනත් සෞඛ්‍ය ගැටලු රැසක් ඇති බැවින් ඔවුන්ගේ මරණ සහතිකයට බොහෝ කාරුණා එන්න පුළුවන්." ෆ්රීඩන් පැවසීය.
"මෙය බැලීමට ඇති හොඳම ක්‍රමය ඇත්ත වශයෙන්ම සංඛ්‍යාලේඛන අනුව අතිරික්ත මරණ සලකා බැලීමයි. ඒ අනුව මේ කාල පරාසයේ අතිරික්ත මරණ තරමක් ඉහළයි. මෙහි සත්‍ය එකතුවට, කොවිඩ් සහ කොවිඩ් ආශ්රිත මරණ ඇතුළත් විය හැකියි." ෆ්රීඩන් පැවසුවේ සාමාන්‍යයෙන් නව කොරෝනා වෛරස් නිසා සිදුවන මරණ වර්ග තුනක් ගැන සඳහන් කරමිනි.
"කෝවිඩ් රෝගයෙන් මියගිය සහ ඒ බව හඳුනාගත් අය, ඒ වගේම කොවිඩ් නිසා මියගිය නමුත් පරීක්ෂණයක් නොමැති නිසා එය සැකනොකළ නිවසේදී මිය ගිය අය සහ කෝවිඩ් විසින් ඇති කරන බාධාව නිසා මියගිය අය වශයෙනුයි." ෆ්රීඩන් පැවසීය.
"ඒ නිසා මේ මොහොතේදී අප ඕනෑම කෙනෙකුට කළ හැකි වැදගත්ම දෙය වන්නේ, වෛරසය පැතිරීම අවම කිරීම සඳහා විද්‍යාත්මකව අනුමත කළ ක්‍රියාමාර්ග සහ මහජන සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කිරීමයි." ඔහු සඳහන් කළේය.
"මෙතැනදී අපි එකිනෙකාට ඇඟිල්ල දිගු කිරීමෙන් ඵලක් වන්නේ නැහැ. අපි එකට සිටින බව අප සැවොම අවබෝධ කරගත යුත්තේ ඒ නිසයි. අපට ඇත්තේ එක් සතුරෙක් පමණයි. ඒ නව කොරෝනා වෛරසයයි" හිටපු අධ්යක්ෂවරයා වැඩිදුරටත් පැවසීය.

popular news
-
Kumar Sunday, 11 October 2020 10:20 PM
I think that person is right about the numbers. Trump and his republican buddies are keeping the numbers low for the election. Once the election is over the numbers will spike and they will be blamed it on Biden. There was a total collapse of the economy in 2008 and continued to 2009 when Obama took over. Then the Republicans blamed Obama and democrats for the collapse even though it started under Bush's watch in 2008.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

