සංක්‍රමණික අර්බුදය සම්බන්ධයෙන් සිය නවතම අදහස් දක්වමින් ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් අවධාරණය කරන්නේ ඇමෙරිකා එක්සත් ජනපදය සංක්‍රමණික කඳවුරක් බවට පත්කිරීමට තමන් ඉඩ නොතබන බවයි.
ඇමෙරිකාවට පැමිණෙන සංක්‍රමණිකයන් කපා හැරීමේ ඔහුගේ දැඩි ක්‍රියාමාර්ග හමුවේ පසුගිය සතියේ ජනපති ආර්යා මෙලානියාගෙන්ද යම් චෝදනාවක් එල්ල වුවත්, ට්‍රම්ප් තම පියවරින් අඩියක් හෝ පසුපසට ගෙන නොමැති බව මින් හැඟවෙයි.
"ඇමෙරිකාව සංක්‍රමණික කඳවුරක් විය යුතු නැහැ. ඒ වගේම, සරණාගතයන් රඳවා ගන්නා ස්ථානයක් විය යුතුත් නැහැ. එය කිසිසේත්ම සිදු නොවිය යුතුතක්" ධවල මන්දිරයේ සිට මාධ්‍ය අමතමින් ට්‍රම්ප් පවසා සිටියේය.
විශේෂයෙන්ම ගොඩබිම් මාර්ගයෙන් ඇමෙරිකාවට සංක්‍රමණය වන පිරිස් අත්අඩංගුවට ගැනීමේදී ඔවුන්ගේ දරුවන් සිය පවුල්වලින් බෙදීවෙන්වීම සම්බන්ධයෙන් කතාබහක් ඇති වූ අතර, ජනපති ආර්යාවද කියා තිබුණේ දරුවන් කිසිසේත්ම සිය පවුල්වලින් වෙන් නොකළ යුතු බවකි.
නමුත්, සිය ජනාධිපතිවරණ මැතිවරණ පොරොන්දු ප්‍රකාරව ඇමෙරිකානු සංක්‍රමණික ප්‍රතිපත්තිය දැඩි කරමින් එරටට පැමිණෙන සංක්‍රමණික ජනයා පාලනය කිරීම වත්මන් නායකයාගේ අභිලාෂය වී ඇත.