ඇමෙරිකා එක්සත් ජනපදයේ ඇලබාමා ප්‍රාන්තයේ නැගෙනහිර ලී කන්ට්‍රි ප්‍රදේශයට බලපා ඇති ටෝනේඩෝ සුළි කුණාටු තත්ත්වය හේතුවෙන් පුද්ගලයන් 23 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
ප්‍රදේශයේ ෂෙරීෆ්වරයා පවසා සිටියේ අතිශය බිහිසුණු හානියක් මෙම සුළි කුණාටු තත්ත්වය හේතුවෙන් ඇති වී තිබෙන බවයි. එමෙන්ම, මියගිය පිරිස වැඩිවිය හැකි බවද ඔහු පවසා තිබේ.
මේ අතර, රාත්‍රී කාලයේ සෝදිසි මෙහෙයුම් සිදුකිරීම අවදානම් බැවින් එය උදෑසන වනතුරු නවතා දමා ඇති බවද කියයි.
සැතපුම් භාගයක පමණ සුළියක් ඇති කරමින් හමා ගිය මෙම සුළි කුණාටුව ප්‍රදේශය වෙත බලපෑ අතිශය බිහිසුණුම සුළි කුණාටුවක් බවද කාලගුණ බලධාරීහු පවසති.
ඔවුන් පෙන්වා දෙන්නේ එමගින් ඇති කර තිබූ සුළඟේ වේගය පැයට කිලෝමීටර් 266 ඉක්මවූ බවයි. ඒ අනුව, මෙය ඊ.එෆ්-3 මාදිලියේ සුළි කුණාටුවක් ලෙස වර්ග කර තිබුණි.