ඇමෙරිකා එක්සත් ජනපදය හා චීනය අතර වෙළෙඳ යුද්ධය තවදුරටත් උත්සන්න වෙමින් ඇ.ඩො.බිලියන 16ක වටිනාකමනික් යුතු චීන භාණ්ඩ වෙනුවෙන් තවත් 25%ක බදු අය කිරීමට ඇමෙරිකාව තීරණය කර තිබේ.
මෙම වෙළෙඳ යුද්ධය පසුගිය ජූලි මාසයේදී ආරම්භ වූ අතර, ඇමෙරිකාව චීනය වෙත සිදුකරන අපනයනය අභිභවා දැවැන්ත ආනයන ප්‍රමාණයක් සිදුවන බව පවසමින් ට්‍රම්ප් මෙම යුද්ධයට මුල පිරීය.
කෙසේ වෙතත්, මේ ආකාරයෙන් දැඩි බදු පැනවීම් දිගින් දිගටම සිදුවන්නේ නම් එය සමාගම් වෙත මෙන්ම පාරිභෝගිකයන් වෙතද දැවැන්ත පහරයක් විය හැකි බවද දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
විශේෂයෙන්ම මෙවර යතුරුපැදි සහ ගුවන් ආම්පන්න ඉලක්ක කරමින් බදු පැනවීම සිදුවී ඇත.
මේ අතර, ඇමෙරිකාවේ මෙම ප්‍රතිචාරයට එකට එක කිරීමක් ලෙස චීනයද එම අගයට සමාන ආකාරයෙන් ඇමෙරිකානු නිෂ්පාදන සඳහා බදු පැනවීමක් සිදුකිරීමද දැකිය හැකිය.
චීනය බදු පැනවූ භාණ්ඩ අතර ගල් අඟුරු, වෛද්‍ය උපකරණ, මෝටර් රථ සහ බස් රථ දැක්විය හැකිය.
එමෙන්ම, ඇමෙරිකාව විසින් සිදුකරන මෙම බදු පැනවීම් හමුවේ ලෝක වෙළෙඳ සංගමය වෙත නවතම පැමිණිල්ලක් යොමු කිරීමටද චීනය සූදානමින් සිටියි.