එක්සත් ජනපදය හා චීනය මූලික වෙළෙඳ ගිවිසුමක් ප්රකාශයට පත්කිරීමත් සමග ට්රම්ප් විසින් ඇමෙරිකා - චීන වෙළෙඳ යුද්ධයේ නව තීරුබදු පැනවීම් ට්රම්ප් විසින් නවතා දමා තිබේ.
ඒ අනුව මෙහි පළමු අදියර ගනුදෙනුවෙන් ඩොලර් බිලියන ගණනක තීරුබදු ඉවත් කිරීමක් හෝ ප්රමාද කිරීමත් දැකගත හැකිවනු ඇත.
ලෝකයේ විශාලතම ආර්ථිකයන් දෙක අතර වෙළෙඳාම සම්බන්ධයෙන් උණුසුම් තත්ත්වයක් ඇති කරමින්, පසුගිය කාලය පුරාවට දෙරට විසින් එකිනෙකාට එරෙහිව තීරුබදු පැනවීමක් දැකිය හැකිවිය.
ඒ අනුව, චීන ආනයන සඳහා එක්සත් ජනපද තීරුබදු නව පැනවීමක් අද (14දා) සිට ක්රියාත්මක වීමට නියමිතව තිබුණත්, ට්රම්ප්ගේ මැදිහත්වීමෙන් මෙය නවත්වා තිබේ.
“2020 මැතිවරණයෙන් පසුව, තවදුරටත් බලා සිටීම වෙනුවට අපි දෙවැනි අදියර ගනුදෙනුව පිළිබඳ සාකච්ඡා වහාම ආරම්භ කරනවා. මෙය සියලු දෙනා පුදුම වන ගනුදෙනුවක් වේවි." ට්රම්ප් කියා තිබුණි.
මෙම නව තීරුබදු පැනවීම සිදුවූයේ නම්, නත්තලට පෙර ඇමරිකානුවන්ට චීනයේ නිෂ්පාදිත ස්මාට්ෆෝන්, ඇඳුම් පැළඳුම් සහ සෙල්ලම් බඩු වැනි භාණ්ඩවලට වැඩි මිලක් ගෙවීමට සිදුවීමට ඉඩ තිබුණි.
දෙරට අතර සාකච්ඡාවේදී ඇ.ඩො. බිලියන 360ක් වටිනා චීනයෙන් සිදුකරන ආනයන සඳහා පවත්නා ගාස්තු සැලකිය යුතු ලෙස අඩු කිරීමට එක්සත් ජනපදය එකඟ වී ඇති අතර, ඊට ප්රතිචාර වශයෙන් චීනය එක්සත් ජනපද සෝයා බෝංචි, කුකුළු මස් හා වෙනත් කෘෂිකාර්මික නිෂ්පාදන විශාල ප්රමාණයක් මිලදී ගැනීමට පොරොන්දු වී තිබේ.
ගිවිසුම ප්රතිපත්තිමය වශයෙන් ගනුදෙනුවක් වන අතර එයින් අදහස් කරන්නේ චීනය ගිවිසුමේ යම් කොටසක් කඩ කළහොත් ට්රම්ප් පරිපාලනයට තීරුබදු නැවත ක්රියාත්මක කිරීමේ හැකියාව ඇති බවය.