ඇන්ටාක්ටිකාවේ අයිස් තට්ටු දියවීම ශීඝ්‍රයෙන් වේගවත් වී ඇති බව නවතම අධ්‍යයනයකින් අනාවරණය වී තිබේ.
මෙම ධවල මහද්වීපයේ අයිස් තට්ටු සම්බන්ධයෙන් නිරන්තර අවධානයෙන් සිටින චන්ද්‍රිකාවන්ට අනුව, වසරකට ටොන් බිලියන 200ක පමණ අයිස් ප්‍රමාණයක් මුහුදට දියවී යන බව හඳුනාගෙන ඇත. ඒ අනුව, පසුගිය වසර 25ක කාලය තුළ ඇන්ටාක්ටිකාවට අයිස් ටොන් ට්‍රිලියන 25ක් අහිමි වී ඇති බවද තහවුරු කරගෙන තිබේ.
මේ තත්ත්වය තුළ ගෝලීය වශයෙන් මුහුදු මට්ටම්වල ඉහළ යෑම වාර්ෂිකව මිලිමීටර් 0.6කින් වැඩිවනු ඇති බවත්, එය මෙවැනි ගණනය කිරීමක් අවසන් වරට සිදුකළ 2012 වසරින් පසු තුන් ගුණයක ඉහළ යෑමක් බවත් විද්‍යාඥයෝ පෙන්වා දෙති.
ඔවුන් පෙන්වා දෙන්නේ මෙම දත්ත සම්බන්ධයෙන් ලෝව පුරා රාජ්‍ය නායකයන් වැඩි අවධානයක් යොමු කරමින් පරිසරය පිළිබඳව මීට වඩා සැලකිලිමත් විය යුතු බවයි.
එමෙන්ම, මේ අනතුර හේතුවෙන් මුහුදු මට්ටමේ ජිවත් වන ජනතාව ඉදිරියේ මුහුණදෙන දැවැන්ත අභියෝගයන්ට දැන් සිටම සූදාන්ම විය යුතු බවද ඔවුහු පෙන්වා දෙති.