ආසාදන වැඩි සිඩ්නි නුවරට එන්නත් ධාරිතාව වැඩි කරයි
වඩාත් නරක අතට හැරෙන කොවිඩ්-19 ආසාදන පැතිර යාමට එරෙහිව සටන් කිරීම සඳහා සිඩ්නි නුවරට මේ සතියේ තවත් එන්නත් මාත්‍රාව 50,000ක් ලැබෙන බව පවසයි.
ඔස්ට්‍රේලියාව විසින් ගෙවීගිය දිනයේ දේශීයව හඳුනාගත් නව කොවිඩ්-19 ආසාදිතයන් සංඛ්‍යාව 176ක් වන අතර, එය අඛණ්ඩව තුන්වැනි දිනටත් ආසාදන වාර්තාවක් බවට පත්විය.
මෙම ආසාදන පැතිරයාම රටේ සෙසු ප්‍රදේශවලට තර්ජනයක් විය හැකි බවට නිලධාරීහු බියට පත්ව සිටිති.
කෙසේවෙතත්, රටපුරා කොවිඩ්-19 සීමා නොසලකා හරිමින්, මුඛ ආවරණ රහිත විරෝධතාකරුවන් 3,500ක් සිඩ්නි නගරයට පැමිණ පොලීසිය සමග ගැටුම් ඇති කර ගත් අතර, මාසයක් පුරා පැවති අගුලු දැමීමට එරෙහි වූ මෙම උද්ඝෝෂණය සුපිරි පැතිරීමක් ඇති කළ හැකි සිදුවීමක් බවට සෞඛ්‍ය අංශ පවසයි.
කෙසේ වෙතත් මෙසේ පැමිණි අයගෙන් අත්අඩංගුවට ගත් 57 දෙනෙකුට විශාල දඩ මුදලකට මෙන්ම, දඬුවම්වලටද ලක්වීමට සිදුවන බව පොලීසිය පවසයි.
මෙල්බර්න් සහ ඇඩිලේඩ්හි මෙන්ම, අගුලු දමා ඇති බ්රිස්බේන්හිද විරෝධතා පැවතුණි. එහිදීද අත්අඩංගුවට පත්වූවන්ට ඉහළ දඩ මුදල් හා දැඩි දඬුවම් නියම කර තිබේ.



popular news
-
Somapala Monday, 26 July 2021 07:56 AM
Sydney had 115 new cases today. Sri Lanka had 1500 cases reported today. Looks like the journalist is living in Sydney
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

