ආසාදන ඉහළ යද්දීත් සීමා ලිහිල් කිරීම ගැන අවධානය
ආසාදන ඉහළ යන අවස්ථාවක පවා පවතින කොවිඩ්-19 සංචරණ සීමා ඉවත් කරමින් රට ස්ථාවරව පවත්වා ගැනීමේ සැලසුමක් සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියාවේ අවධානය යොමුව තිබේ.
එහිදී එලැඹෙන ඔක්තෝබර් අවසානය වනවිටත් සම්පූර්ණනේ එන්නත්කර ඇති ජනතාවට නිවෙස්වලින් බැහැර වීමට අවස්ථාව ලබාදීම අරමුණ බව කියයි.
නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත මහ ඇමතිනී ග්ලැඩිස් බෙරජික්ලියන් ජුනි මැද භාගයේදී ඉතා බෝවන ඩෙල්ටා ප්‍රභේදය පැතිරීම මැඩපැවැත්වීම සඳහා මුලින් කොවිඩ්-ශුන්‍ය මෙම අගුලු දැමීමේ උපාය මාර්ගයක් අනුගමනය කළත්, එතැන් සිට එන්නත් කිරීමේ අනුපාතය වැඩි කිරීම කෙරෙහි අවධානය යොමු කළාය.
ඒ අනුව එම ප්‍රාන්තයේ නව උපායමාර්ගය යටතේ නිව් සවුත් වේල්ස් හි 70%ක් දෙනා එන්නත් අනුපාතයක් ලබා ගත්විට සිඩ්නි වැසියන්ට සංචලන සීමාවලින් යම් නිදහසක් ලැබෙනු ඇතැයි සිඩ්නි මෝනිං හෙරල්ඩ් පුවත්පත වාර්තා කරයි.
ඔස්ට්‍රේලියාවේ වැඩිම ජනගහනයක් වෙසෙන එම ප්‍රාන්තයේ වැඩිහිටි ජනගහනයෙන් 43% ක් පමණ සම්පූර්ණ එන්නත් මාත්‍රා ලබාගෙන ඇති අතර, 76%කට පමණ අවම වශයෙන් එක් මාත්‍රාවක් හෝ ලැබී ඇත.



popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

