ආර්මේනියානු අග්‍රාමාත්‍ය නිකොල් පෂිනියන් කොවිඩ්-19 වෛරසය සඳහා ධනාත්මක බව පරීක්ෂා කර ඇති බව ඔහුගේ මාධ්‍ය ප්‍රකාශක නිවේදනය කරයි.
කෙසේ වෙතත් අග්‍රාමාත්‍යවරයා දුරස්ථව සිටිමින් තවදුරටත් රාජකාරී කටයුතු සොයා බලනු ඇති බවත්, ඔහු මේ වනවිට සිය පවුලේ සියලු සාමාජිකයන් සමග නිරෝධායනය යටතේ සිටින බවත් මාධ්‍ය ප්‍රකාශක ජෙවෝර්ජියන් පවසයි.
"ඔහු හොඳින් ඉන්නවා. ඔහුට කිසිම රෝග ලක්ෂණයක් නැහැ" ජෙවෝර්ජියන් සඳහන් කරයි.
ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ දත්තවලට අනුව අද (02දා) වනවිට ආර්මේනියාවේ තහවුරු වූ ආසාදිතයන් 10,009ක් සහ කොරෝනා වෛරසය ආශ්රිත මරණ 158ක් වාර්තා වී තිබේ.