ජාත්‍යන්තර ආධාර රට තුළට ඇතුළු වීම සඳහා පවතින රජයේ බාධා කිරීම් හමුවේ වෙනිසියුලාවේ දේශසීමා නගරවල ආරක්ෂක අංශ සහ විපක්ෂ ආධාරකරුවන් අතර ගැටුම් උත්සන්න වී තිබේ.
එහිදී, හමුදාව විසින් රබර් උණ්ඩ යොදා ගනිමින් වෙඩි තැබීම් සිදුකර ඇති අතර, පිරිස් විසුරුවා හැරීමට කඳුළු ගෑස් ප්‍රහාරයක්ද එල්ල කර ඇති බව විදෙස් වාර්තා පවසයි.
විදෙස් ආධාර රට තුළට ඇතුළු වීම වැළැක්වීම සඳහා ජනපති නිකොලාස් මදුරෝ විසින් රටේ දේශසීමා අර්ධ වශයෙන් වසා දමා තිබේ.
කෙසේ වෙතත්, විරුද්ධ පක්ෂ නායක ජුආන් ගුආයිදෝ විදෙස් ආධාර රට වෙත කැඳවා ගැනීමට ක්‍රියාකළ තැනැත්තා වෙයි.
තමා වෙනිසියුලාවේ අන්තර්වාර ජනපති ලෙස කියා සිටි ඔහු, රටේ පීඩාවට පත්ව සිටින ජනතාව වෙත විදෙස් ආධාර ලබාදීමට කටයුතු කරන බව පොරොන්දු විය. ඒ අනුව, මේ ආකාරයෙන් විපක්ෂ ආධාරකරුවන් ක්‍රියාකරවීම පිටුපසද ඔහු සිටින බව සඳහන් වෙයි.