අල්ලස් චෝදනා ලැබූ හිටපු ජනපති සියදිවි හානි කරගනී
හිටපු පේරු ජනාධිපති ඇලන් ගාර්සියා තමාටම වෙඩි තබා ගනිමින් සියදිවි හානි කරගෙන ඇති බව විදෙස් වාර්තා පවසයි.
අල්ලස් චෝදනාවක් සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය හිටපු ජනාධිපතිවරයාගේ නිවසට පැමිණි අවස්ථාවේදී ඔහු මෙසේ සියදිවි හානි කරගෙන තිබේ.
එරට ලීමා අගනුවර රෝහලක් වෙත ගාර්සියා ඉක්මණින් රැගෙන යාමට පොලීසිය කටයුතු කර තිබුණත්, ඒ වනවිටත් ඔහු මියගොස් ඇති බව වත්මන් ජනපති මාර්ටින් විස්කාරා තහවුරු කළේය.
රෝහල ආසන්නයේදී හිටපු නායකයාගේ ආධාරකරුවන් විශාල පිරිසක් රැස්ව සිටින බවද විදෙස් වාර්තා පෙන්වා දෙයි.
බ්රසීලයේ ඉදිකිරීම් සමාගමකින් අල්ලස් ලබාගත් බවට හිටපු ජනාධිපතිවරයාට චෝදනා එල්ල වුවත්, ඔහු එම චෝදනා ප්රතික්ෂේප කර තිබුණි.



popular news
-
chathuri Friday, 19 April 2019 07:24 PM
ඒකටත් එක්ක. අපේ රටේ ,හිටපු ජනාදිපති ඇතුළු සැම හොරකම්. දුෂණ මිනීමැරුම් ඉහේ. කෙස් ගානට නඩු ,කිසිම ලැජ්ජාවක්. බයක් නැතිව. නැවත බලයට එන්න පොරකනවා මේ. කට්ටියට සෙත් පතලා ආශීර්වාද. කරන්නත්. වෙනම. කට්ටිය ඉන්නවා. අපේරටේ ගොඩක් පිරිමින්ගේ පිරිමි අංගය නැහැ. ඒකයි ලැජ්ජාවක් නැත්තේ. , මොන ජාතියට. අයත් කට්ටියක්ද කියන්න. දන්නේ. නැහැ මැරුවත්. මැරෙන්නේ. නැහැ. යක්ෂයෝ. ටිකක් අසරණ. මිනිසුන්ගේ රිරිමංශ කන්න අපු. කට්ටියක්
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

