අරාබි ලෝකයේ අඟහරු තරණය දියත් කෙරෙයි
අරාබි ලෝකයේ ප්‍රථම ස්වාධීන අඟහරුතරණ මෙහෙයුම යථාර්ථයක් බවට පත්කරමින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජාත්‍යන්තර අභ්‍යවකාශ මෙහෙයුම අද (20දා) සාර්ථකව දියත් කර තිබේ.
අරාබි ලෝකය සිය විද්‍යාත්මක හා තාක්ෂණික හැකියාවන් වර්ධනය කර ගැනීමට සහ තෙල් මත රඳා පැවතීම අඩු කිරීමට උත්සාහ දරණ ප්රයත්නයේ එක් සන්ධිස්ථානයක් ලෙස මෙය සැලකෙයි.
ජපානයේ ටැනෙගෂිමා අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිට සඳුදා දියත් කෙරුණු මෙම යානය මාස හතක ගමනක් සඳහා එහි රොකට්ටුවෙන් මිදී ගමන් ඇරඹුවේ, අඟහරු වායුගෝලය පිළිබඳ දත්ත යළි පෘථිවිය වෙත එවීමේ පරමාර්ථයෙනි.
මෙම මෙහෙයුම මුලින් ජූලි 14 වැනි දින දියත් කිරීමට නියමිතව තිබුණද අයහපත් කාලගුණය හේතුවෙන් එය ප්‍රමාද විය.
දියත් කිරීමෙන් පැයකට පමණ පසු, යානය මගින් එහි පද්ධති බල ගැන්වීම සඳහා සූර්ය පැනල යොදවා පෘථිවියේ මෙහෙයුම සමග ගුවන් විදුලි සන්නිවේදනය ස්ථාපිත කිරීමටද හැකිවිය.
අඟහරු ගවේෂණය කිරීම සඳහා දැනට ක්‍රියාකාරී මෙහෙයුම් අටක් පවතින අතර, සමහරක් අඟහරු වටා කක්ෂගත වෙයි. ඉන් සමහරක් එහි මතුපිටට ගොඩ බැස ඇත. චීනය සහ ඇමරිකා එක්සත් ජනපදය මේ වසරේ තවත් යානයක් යැවීමට සැලසුම් කරමින් සිටියි.


popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

