අර්බුදය මැද ඇමෙරිකාව LNG ගෝලීය නායකයා වෙයි
එක්සත් ජනපදය 2022 පළමු භාගයේදී ලොව විශාලතම ද්‍රව ස්වභාවික වායු (LNG) අපනයනකරු බවට පත් වූ බව එක්සත් ජනපද බලශක්ති තොරතුරු පරිපාලනය පෙන්වා දෙයි.
2021 දෙවැනි භාගය හා සසඳන විට 2022 පළමු වැනි මාස හය තුළ අපනයන 12%කින් ඉහළ ගොස් ඇත. මෙය අනෙකුත් ප්රමුඛ පෙළේ LNG අපනයනකරුවන් දෙදෙනා වන ඔස්ට්‍රේලියාව සහ කටාර් පරාජය කිරීමට එක්සත් ජනපදයට අවස්ථාව හිමිව තිබේ.
ඉහළ යන ස්වභාවික ගෑස් ඉල්ලුම සහ LNG මිල මෙන්ම ගෝලීය ඉල්ලුම ඉහළ මේ වනවිට දැකිය හැකි අතර, පසුගිය වසරේ අග සිට, මහාද්වීපයේ රටවල් රුසියාවෙන් සිදුකරන ආනයන සීමා කිරීමත් සමග අඩු මට්ටමක පවතින ස්වභාවික වායු ගබඩා තොග පිරවීම සඳහා ඔවුන්ගේ LNG ආනයනය වැඩි කර ඇත.
යුරෝපා සංගමය සහ බ්‍රිතාන්‍ය මෙම වසරේ මුල් භාගයේ දී ඔවුන්ගේ LNG ආනයනය 63%කින් ඉහළ නංවා ඇති අතර, ඇමෙරිකානු නිෂ්පාදනය කරන ලද LNG වලින් 70% කට වඩා වැඩි ප්‍රමාණයක් යුරෝපා සංගමයට සහ බ්‍රිතාන්‍යයට ගිය බව නියෝජිතායතනය වැඩිදුරටත් පවසයි.


popular news
-
Kumar Wednesday, 27 July 2022 03:36 PM
esay noveynam LNG mila ihala yanawa neda. lankawa LNG ganney mila adhika nam neda. amerikawen laabeta LNG aragena gaana kapagena lankawata denwa athi.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

