අයෝධ්‍යාව ඉල්ලා හින්දූන් දහස් ගණනින් දිල්ලියට එති
ඉන්දියාවේ අයෝධ්‍යා ප්‍රාන්තය තුළ හින්දු ආරාම සංකීර්ණය ඉදිකරන තුරු ඔවුන්ගේ සටන අත් නොහරින බව දිල්ලියේදී දැවැන්ත විරෝධතාවක් දැක්වූ දහස් ගණන් හින්දූන් කියා සිටියහ.
මෙම අයෝධ්‍යා ආරාම සංකීර්ණය සම්බන්ධයෙන් එරට හින්දූන් සහ මුස්ලිම්වරුන් අතර කාලයක පටන් මතභේදයක් පවතී.
හින්දු විශ්වාසයට අනුව මෙම ස්ථානය ඔවුන් අදහන රාම් දෙවියන්ගේ උපන් ස්ථානයි. කෙසේ වෙතත්, මුස්ලිම්වරුන්ද ශත වර්ෂ කිහිපයක් මෙම ස්ථානයේ වැඳුම් පිදුම් කර ඇති බව කියැවෙයි.
එහි උච්චතම අවස්ථාව ලෙස වර්ෂ 1992 දී ඇති වූ ගැටුමකින් හින්දූන් මෙම ස්ථානය ඔවුන් යටතට අත්පත් කර ගත් අතර මෙම ගැටුම් නිසා පුද්ගලයන් දහස් ගණනක් ජීවිතක්ෂයටද පත්විය.
ඉරිදා දිනයේදී දිල්ලියට රැස්වූ හින්දූන් 50,000කට අධික බව විදෙස් වාර්තා පවසන අතර, දැඩිමතධාරී හින්දු ජාතිකවාදීන් විසින් මෙම විරෝධතාව සංවිධානය කර තිබුණි.
කෙසේ වෙතත්, මෙම අවස්ථාවේ කිසිදු ගැටුමක් ඇති නොවන පරිදි නගරයේ ආරක්ෂාව තර කර තිබුණු අතර, අමතර භට පිරිස් පවා රඳවා තිබුණු බව විදෙස් වාර්තා වැඩිදුරටත් පවසයි.



popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

