අපේක්ෂිත අනාගතයක් සඳහා ලෝකය පැරණි සාමාන්‍යයට නැවත එන්නේ නෑ - WHO
අපේක්ෂා කළ හැකි අනාගතයක් සඳහා පැරණි සාමාන්‍යයට ලෝකය නැවත පැමිණෙන්නේ නැති ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්යක්ෂ ජනරාල් ටෙඩ්රොස් අද්නාම් ගෙබ්‍රෙයෙසස් පවසයි.
ජිනීවා හි පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් අධ්යක්ෂ ජනරාල්වරයා මෙම අදහස් පළ කළේ ඊයේ (13දා) දිනයේදීය.
"අපේක්ෂා කළ හැකි අනාගතයක් සඳහා පැරණි සාමාන්‍යයට ලෝවක නැවත පැමිණෙන්නේ නැහැ. නමුත් අපට රෝගය පාලනය කර අපගේ ජීවිත සමග ඉදිරියට යා හැකි තත්ත්වයකට මාර්ග සිතියමක් තිබෙනවා."
"අපගේ ජීවිත මුළුමනින්ම වසා දැමීමෙන් හෝ අගුලු දැමීමකින් තවත් අගුලු දැමීමක් වෙත පිවිසීම අවසන් කරමින්, මේ වෛරසය ප්‍රමාණවත් ලෙස පාලනය කළ හැකි තිරසාර තත්වයකට අප පැමිණිය යුතුයි."
මෙම ස්ථානයට යාම සඳහා ටෙඩ්රොස් පැවසුවේ කරුණු තුනක් අවශ්‍ය බවයි. ඒවා නම්, මරණ අනුපාතය අඩු කිරීම සහ සම්ප්‍රේෂණය මැඬපැවැත්වීම කෙරෙහි අවධානය යොමු කිරීම, සමස්ත ප්‍රජාවම ආරක්ෂා කිරීම සඳහා තනි තනි පියවර ගැනීම සඳහා ප්‍රජාව බලගැන්වීම සහ ප්රජාවද මීට සහභාගී කරවා ගැනීම, සහ ශක්තිමත් රාජ්‍ය නායකත්වයක් සහ සන්නිවේදනයක් පවත්වා ගැනීම ආදියයි.
"එය කළ හැකියි. එය කළ යුතුයි"ටෙඩ්රෝස් පැවසීය.


popular news
-
Saditha Friday, 17 July 2020 10:41 AM
අද පුවත්පත් epaper හරහා නැරැඹීමට නොහැකිය .එම නිසා පහසු විඨියක් එ සදහා සකස් කරන්න
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

