ඉන්දුනීසියාවේ නීති විරෝධී රන් පතලක් කඩා වැටීමෙන් පතල්කරුවන් 60 දෙනෙකුවත් එහි සිරවන්නට ඇති බව විශ්වාස කෙරෙයි.
සුලවේසි දූපතේ, බොලාන්ග් මෝනගොන්ඩෝ ප්‍රදේශයේ මෙම අනවසර රන් පතල තිබී ඇති අතර, සහන සේවකයන් හා මුදාගැනීමේ කණ්ඩායම් මෙහි සිරවූ පිරිස් බේරාගැනීම සඳහා මෙහෙයුම් ආරම්භ කර ඇත.
ඉන්දුනීසියානු ආපදා ඒජන්සිය පවසා සිටියේ මියගිය පුද්ගලයෙකුගේ සිරුරක් හමුවූ බවත්, තවත් 13 දෙනෙකු නිරුපද්‍රිතව බේරාගැනීමට හැකි වූ බවත්ය.
එම ඒජන්සිය වැඩිදුරටත් පවසා සිටියේ පුද්ගලයන් 60කට ආසන්න පිරිසක් තවදුරටත් මෙම පතලේ කඩා වැටුණු පස් සහ ගල්වලට යටව සිටින්නට ඇති බවයි.
ඉන්දුනිසියාව තුළ මෙවැනි අනවසර පතල් කැණීම් සුලභ දසුනක් වන අතර, ඒ සමග සිදුවන මෙවැනි අනතුරුද නිරන්තරයෙන් වාර්තා වෙයි.