මීටර් 3,800ක් ගැඹුරින් අත්ලාන්තික් සාගරයේ සැතපී සිටින ලොව වඩාත් කතාබහට ලක්වූ ටයිටැනික් මගී නෞකාවේ බොහෝ කොටස් මේ වනවිට ශීඝ්රයෙන් ක්ෂය මෙින් පවතින බව අනාවරණය වී තිබේ.
මෙම නෞකාව පිහිටි ස්ථානය වෙත වසර 15කට පමණ පසු නිරීක්ෂණයක් සිදුකළ ගැඹුරු මුහුද පිළිබඳ පර්යේෂණ කණ්ඩායමක් විසින් මෙම අනාවරණය සිදුකර ඇත.
ඔවුන් අනාවරණය කළ තොරතුරුවලට අනුව නෞකාවේ කාර්ය මණ්ඩල නේවාසිකාගාරය සම්පූර්ණයෙන්ම පාහේ ක්ෂයවීමට ලක්ව තිබුණත්, තවත් කොටස් කිහිපයක් විස්මය දනවන ලෙස තවමත් ඉතිරිව පවතී.
එමෙන්ම, නෞකාවේ කපිතාන්වරයාගේ බාත් ටබ් එක මේ වනවිට සොයාගැනීමටවත් නොහැකි බව පවසන පර්යේෂකයන් පෙන්වා දෙන්නේ, එම කොටස සම්පූර්ණයෙන්ම පාහේ විනාශ වී ඇති බවයි.
ඒ අනුව, නෞකාවේ ඉදිරිපස ඇති විශාල වහළය ඉදිරියේදී මේ අයුරින්ම ක්ෂය වෙමින් ගරා වැටෙනු ඇති බවද ඔවුන් කියන්නේ, ටයිටැනික් පුරාවෘත්තය සොබාදහමට එකතු වෙමින් පවතින බව සඳහන් කරමිනි.
1912 වසරේදී සිය මංගල ගමන වූ සදම්ප්ටන් සිට නිව්යෝක් බලා යාත්රා කරමින් තිබියදී එවක ලොව විශාලතම මගී ප්රවාහන නෞකාව ලෙස පිළිගැනුණු ටයිටැනික් නෞකාව අයිස් කන්දක ගැටීමෙන් අනතුරට ලක් විය. අනතුරට ලක් වන අවස්ථාවේ එහි කාර්ය මණ්ඩලය සහ මගීන් 2,200ක් පමණ සිටි අතර, ඉන් 1,500කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත් වූහ.