පුද්ගලයන් 38 දෙනෙකු රැගෙන ඇන්ටාක්ටිකාව බලා පියාසර කරමින් තිබියදී ඊයේ (10දා) අතුරුදන් වූ චිලියට අයත් ගුවන් යානය පිළිබඳ මෙතෙක් කිසිදු තොරතුරක් හමුවී නොමැත.
C-130 හර්කියුලීස් මාදිලියේ මෙම යානය එරට වේලාවෙන් සවස 4.55ට පමණ පුන්ටා එරිනාස් හි සිට ගුවන්ගත වී ඇතත්, සවස 6.13 වනවිට ඒ සමග පැවති සියලු සබඳතා බිඳ වැටුණු බව ගුවන් පාලක මැදිරිය පවසයි.
යානයේ අතුරුදන් පිරිස අතර එහි කාර්ය මණ්ඩලයේ 17 දෙනෙකු සහ මගීන් 21 දෙනෙකු වෙති.
ඇන්ටාක්ටිකාවේ කිංග් ජෝර්ජ් දූපතේ හමුදා කඳවුරකට අවශ්‍ය සැපයුම් රැගෙන ඔවුන් ගමන් කරමින් සිට ඇති අතර, යානය සොයා සිදුකරන සෝදිසි මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක වෙයි.