චිලී ගුවන් හමුදාවට අයත් යානයේ සුන්බුන් යැයි විශ්වාස කෙරෙන කොටස් මුහුදේ පාවෙමින් ඇති බව චීලී බලධාරීහු පවසති.
C 130 හර්කියුලීස් වර්ගයේ යානය කඩා වැටුණු ස්ථානයට කිලෝමීටර් 30ක් පමණ ඔබ්බෙන් යානයේ සුන්බුන් පා වෙමින් පැවති බවද චිලී බලධාරීහු පෙන්වා දෙති.
යානය අතුරුදන් වන අවස්ථාවේදී එහි පුද්ගලයන් 38 දෙනෙකු ගමන් කරමින් සිට ඇති අතර, මෙය ගුවන් හමුදා මගී ප්‍රවාහන යානයකි.
ඇන්ටාක්ටිකාවේ හමුදා කඳවුරක් වෙත සැපයුම් රැගෙන යමින් සිටි යානය පුන්ටා අරීනාස් නගරයේ සිට ගුවන් ගත වෙමින් තිබී ඇත.
මෙසේ පාවෙමින් පැවති සුන්බුන් යානයේ අභ්‍යන්තර ඉන්ධන ටැංකි ආශ්රිත ස්පොන්ජ් කොටස් බවත්, මෙය අතුරුදන් යානයේ කොටස්ම දැයි හඳුනා ගැනීමට පරීක්ෂණ කඩිනමින් සිදුවන බවත් චිලී බලධාරීහු වැඩිදුරටත් පවසති.