වට්ස්ඇප් සමාජජාලය හරහා ඉන්දියාව පුරා පැතිර යන දරුවන් පැහැර ගන්නා කණ්ඩායමක් සම්බන්ධ ව්‍යාජ පණිවුඩයක් හේතුවෙන් තවත් සිවිල් වැසියන් දෙදෙනෙකු ඝාතනයට ලක්ව තිබේ.
ඊසානදිග ඇසෑම් ප්‍රාන්තයේදී මඟ තමන් ගමන් කළ යුතු මාර්ගය පිළිබඳ උපදෙසක් ගැනීමට මොහොතක් නතර වූ අවස්ථාවේදී ඔවුන් දරුවන් පැහැරගැනීමට පැමිණි පිරිසක් යැයි සිතා විශාල පිරිසක් එක්ව මොවුන්ට පහරදී ඝාතනය කර ඇති බව ඉන්දීය මාධ්‍ය පවසයි.
මෙසේ දරුවන් පැහැර ගන්නා කණ්ඩායමක් පිළිබඳ පුවත ඉන්දියාව තුළ මහා ව්‍යසනයක් බවට පත්වෙමින් තිබෙන අතර, පසුගිය මාසය පුරා මෙම ව්‍යාජ පණිවුඩය හේතුවෙන් කුපිත වූ මිනිසුන්ගේ පහරදීමෙන් මියගිය සාමාන්‍ය වැසියන් ගණන 7ක් බවද ඉන්දීය මාධ්‍ය පවසයි.
පොලීසිය පවසන්නේ මෙම වට්ස්ඇප් පණිවුඩය ව්‍යාජ පණිවුඩයක් බව හෙළිදරුව් කිරීමට දැඩි උත්සාහයක් ගත්තද එය වේගයෙන් ජනතාව මුලාවට පත්කරමින් ඇති බවයි.
අවසන් වරට මෙහි ගොදුරක් බවට පත්වූ තරුණයන් දෙදෙනා අසෑමයේ විශාලතම නගරය වන ග්වාති හි පදිංචි නිලෝත්පාල් දාස් සහ අබිජීත් නාත් ලෙස හඳුනාගෙන තිබේ.
තාක්ෂණය මිනිසා යහපතට වඩා අයහපතට කැඳවාගෙන යන යුගය වැඩි ඈතක නොවන බව ප්‍රකට කරන මෙය කදිම නිදසුනක් නොවේද?