ලෝකයේ රටවල් 150ක් ඉක්මවමින් පවුල් සැලසුම් කිරීම සඳහා ක්‍රියාත්මක වන එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල වෙත දක්වන අරමුදල් සැපයීමෙන් ඇමෙරිකාව ඉවත්වෙයි.
බලහත්කාර ගබ්සාවන් සහ අකමැත්තෙන් සිදුකරන වන්ධ්‍යකරණ සැත්කම් සඳහා ඔවුන් දියත්කර ඇති සහ සහයෝගය දක්වන වැඩසටහන්වලට විරෝධය පෑමක් ලෙස මෙසේ අරමුදල් සැපයීමෙන් ඉවත්වන බව ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව පවසයි.
කෙසේ වෙතත්, මෙය වරදවා වටහාගැනීමක් බව පවසන එක්සත් ජාතීන්ගේ ඒජන්සිය පවසන්නේ ඔවුන් ඇමෙරිකානු නීති උල්ලංඝනය නොකරමින් කටයුතු කරන බවයි.
2017 වසර සඳහා ඇ.ඩො.මිලියන 32.5ක මුදලක් එම ඒජන්සිය වෙනුවෙන් මුදාහැරීමට නියමිත තිබී ඇත.
ට්‍රම්ප් පාලන අධිකාරිය යටතේ එක්සත් ජාතීන්ගේ ඒජන්සියක් සඳහා මෙවැනි අරමුදල් කප්පාදුවක් සිදුවූ ප්‍රථම අවස්ථා ලෙසද මෙය සැලකෙයි.