ලොව පුරා සිටින මිලියන 330ක පමණ ට්විටර් පරිශීලකයන් වෙත සිය මුරපද වෙනස් කරගන්නා ලෙස එම සමාජජාලය අනතුරු ඇඟවීමක් සිදුකර තිබේ.
ඔවුන්ගේ දත්ත යම් පාර්ශ්වයක් වෙත නිරාවරණය වීමක් පිළිබඳ සැකයක් සමග ඔවුන් මෙම අනතුරු ඇඟවීම සිදුකර ඇත.
කෙසේ වෙතත්, මේ ආකාරයෙන් අභ්‍යන්තර පාර්ශ්වයක් කිසිදු ආකාරයක දත්ත සොරාගැනීමක් හෝ වැරදි භාවිතයේ යෙදවීමක් සම්බන්ධයෙන් සිය මූලික පරීක්ෂණවලින් අනාවරණය නොවූ බවද ට්විටර් සමාජජාලය පවසයි.
කෙසේ වෙතත්, මේ හේතුවෙන් මුරපද කොපමණ සංඛ්‍යාවක් සඳහා බලපෑමක් ඇතිවී තිබේද යන්න පිළිබඳවද ඔවුන් හෙළිදරව්වක් කර නොමැත.
කෙසේ වෙතත්, මෙම නිරාවරණය වූ ප්‍රමාණය තරමක් වැඩිවිය හැකි බැවින්, ඔවුන් මෙවැනි හදිසි අනතුරු ඇඟවීමක් සිදුකරන්නට ඇති බව විශේෂඥයෝ පවසති.