ලෝක ප්‍රකට ටයිම් සඟරාව විසින් වසරේ පුද්ගලයා ලෙස ජර්මානු චාන්සලර් ඇන්ජෙලා මර්කෙල් නම්කර තිබේ.
සංක්‍රමණිකයන් හා ග්‍රීසියේ ණය ආදී වශයෙන් යුරෝපය මුහුණදුන් අර්බුද හමුවේ ඇය විසින් හෙබවූ භූමිකාව වෙනුවෙන් මෙසේ ඇය වසරේ පුද්ගලයා ලෙස නම්කළ බව එම සඟරාව පවසයි.
ලෝකය හමුවේ සැපයුම අඩුවන පසුබිමක ඇය සදාචාරසම්පන්න අචල නායකත්වයක් ලබාදුන් බවද එම සඟරාව පෙන්වා දෙයි.
මේ අතර, මෙහි දෙවැනි තැන ඉස්ලාම් රාජ්‍යයේ නායක අබු බකර් අල් බග්දාදිගේ නමද, තෙවැනි තැනට ඇමෙරිකානු ජනාධිපති අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නමද යෝජනා වී තිබේ.