ජාවා මුහුදට කඩා වැටුණු එයාර් ඒෂියා QZ8501 යානය අනතුරට පත්වීමට පෙර අධික වේගයකින් ඉහළට පියාසර කර ඇති බව ඉන්දුනීසියානු ප්‍රවාහන අමාත්‍යාංශය කියයි.
පසුගිය දෙසැම්බර් මස 28 වැනිදා පුද්ගලයන් 162 දෙනෙකු සමග අනතුරට පත්වන අවස්ථාවේදි මිනිත්තුවට අඩි 6,000ක වේගයකින් ගමන් කර තිබේ.
කිසිම මගී ගුවන් යානයක් හෝ ප්‍රහාරක යානයක් මෙතරම් වේගයකින් ඉහළට එසවීමට උත්සාහ නොකරන බවද ප්‍රවාහන අමාත්‍යාංශය පවසයි.
ඉන්දුනීසියාවේ සුරබයා සිට සිංගප්පූරුව බලා ගමන්ගත් යානයෙන් අනතුරින් දිවි බේරාගත් කිසිවෙක් නොවූහ.
එම අවස්ථාවේ පැවති කුණාටු සහිත කාලගුණික තත්ත්වය යානයට දැඩි බලපෑමක් එල්ල කරන්නට ඇති බව විශ්වාස කෙරෙයි. කෙසේ වෙතත් එහි කළු පෙට්ටි ආශ්‍රිතව තවදුරටත් පරීක්ෂණ පැවැත්වෙන බවද වාර්තා වෙයි.